අද(11) දිනයේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් කිරීමක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.අමුදු ඉදිරියේදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා වන කාලසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ නිකුත් කරන ලද අතර ඒ අනුව A,B,C,D වශයෙන් දිවයිනේ ප්‍රදේශ කලාප හතරකට බෙදා තිබෙන අතර පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා පැයක කාලයක් විදුලි අත්හිටුවීමට නියමිතය. සඳුදා සිට සෙනසුරාදා දක්වා මෙම විදුලිය අත්හිටුවීම සිදුකළද ඉරිදා දිනයේදී විදුලි කප්පාදුවක් පිළිබඳ එම කාලසටහනට ඇතුළත් කර නැත.විදුලි ඉල්ලුම කළමණාකරණය සඳහා පියවර ගැනීමට අවශ්‍ය වුවහොත් මෙම කප්පාදුව ක්‍රියාත්මක කරන බවද එම නිවේදනයේ සඳහන් වෙයි.