තරුණයින්ට අනාගතය අහිමි වීමේ දී දැනෙන බිය තමන් දන්නා අතර තරුණයින් සාමකාමීව කටයුතු කිරීම ගැන ප්‍රශංසා කරන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පැවති සාකච්ඡාවකදී පැවසීය.එමෙන්ම පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය සහිත ආණ්ඩුව, දේශපාලන පක්ෂ වැනි සියල්ලන් ගේම බලය හීන වී මේ වන විට අලුත් බලයක් නිර්මාණය වී තිබෙන බවත් මෙවර තරුණයන්ගේ ඉල්ලීම පිළි නො ගත්තොත් එය දේශපාලන විප්ලවයක් බවට පත් වනු ඇතැයි කී වික්‍රමසිංහ මහතා පවතින ක්‍රමවේදය වෙනස් කළ යුත්තේ ව්‍යවස්ථාව තුළින් යැයි ද ව්‍යවස්ථාව එක් වරක් කැඩුවොත් එය යළි කැඩීම පහසුවනු ඇතැයිද කීය.