විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන බලාගාර සතුව නොමැති වීම නිසා අද සහ හෙට (11 සහ 12) දෙදින දිවයින පුරා පැය හතර බැගින් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.ඒ සිට ඩබ්ලිව් කලාප 20 ට පෙරවරු 8.00 සිට පස්වරු 5.30 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 15 ද, පස්වරු 5.30 සිට රාත්‍රී 10.45 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 45 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.මේ දිනවල බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම ඉහළ යමින් පැවතිය ද ජල විදුලි උත්පාදනය සඳහා එය ස්ථාවර මට්ටමකට පැමිණිය යුතු බව විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීය.