අද සාකච්ඡාවට එකතු වුණු අය රට හදයිද?

“රට හදන්න මුදල් ලබා ගන්න යෝජනා සාකච්ඡාවක් අද (23) ජනාධිපති මන්දිරයේ තිබුණා. ඒ සාකච්ඡාවේ සිටි එක් අයෙක් බැසිල් රාජපක්ෂ නඩු 07ක් අධිකරණයේ තිබෙන අයෙක්. අනික් කෙනා මහ බැංකුවෙන් කෝටි ගණන් හොරකම් කළ රනිල් වික්‍රමසිංහ. අනික් පැත්තෙන් ජනාධිපති වීම නිසා නඩුවලින් ගැලවුණු ගෝඨාභය රාජපක්ෂ. හිටන් හුටන් කියලා ආමන්ත්‍රණ ලද කෙනාත් හිටියා. කඩා වැටුණ ග්‍රීසියේ බැඳුම්කරවල රටේ මුදල් යෙදවූ සේවක අර්ථසාදක අරමුදල කොටස් වෙළඳපොළට යෙදවූ අජිත් නිවාඩ් කබ්‍රාල් හිටියා. අවුරුදු 10ක් ජනාධිපති ධුරය දරා රට ණය උගුලග හිරකරලා කෝටි ප්‍රකෝටි ගණන් ගත්ත මහින්දත් හිටියා. මේ අය රට හදයිද? අපිත් ඔය සාකච්ඡාවට එකතු වුණා නම් අපිට කියන්න තියෙන්නේ ඔයාලා යන්න කියලා විතරයි” අද සවස නුගේගොඩ මං සන්ධියේ පැවති ජාතික ජන බලවේගයේ විරෝධතා රැලිය අමතමින් එහි නායක අනුර දිසානායක මහතා පැවසීය.මෙම විරෝධතාව සඳහා අති විශාල ජනකායක් එක්ව සිටියහ

කාලීන පුවත්