අද සිට ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය යළි දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව, කොවිඩ් -19 මර්දනයට අදාළ චක්‍රලේඛය පෙබරවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කර ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.

විශේෂ හේතුවක් මත නැවත සංශෝධනයට යටත්ව ඉදිරියේ දී මේ පෙබරවාරි මාසය පුරාම මීට පෙර නිකුත් කළ චක්‍රලේඛයම බලාත්මක වෙන බව සඳහන් කරයි.

දෙසැම්බර් මස අග භාගයේදී නිකුත් කරනු ලැබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ.

මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මංගල උත්සව සඳහා සහභාගිවිය හැක්කේ අදාළ උත්සව ශාලාවේ පවතින ධාරිතාවෙන් සීයයට 50කට පමණයි.

මිට පෙර නිකුත් කර තිබු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය අමුත්තන් 200ක් ලෙස සදහන් කර තිබුණි.

එමෙන්ම විවාහ මංගල උත්සව සඳහා මිට පෙර මත්පැන් භාවිතය තහනම් කර තිබු අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය ඉවත් කර ඇත.

වසංගත තත්ත්වය හමුවේ නිවසින් බැහැරට යායුතු වන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් බව ද එම මාර්ගෝපදේශවල සඳහන් වෙයි.

එසේම සිනමා ශාලාවලට සියයට හැත්තෑපහක ආසන ධාරිතාවකින් යුතුව පිරිස කැඳවිය හැකිය.

අවමංග්‍යය උත්සවයක් සඳහා සහභාගිවිය හැකියාව මිට පෙර නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ වල 20 දෙනෙකු ලෙස සටහන්ව තිබු අතර එය නව මාර්ගෝපදේශ අනුව 30 දෙනෙකු දක්වා වැඩි කිරීමට අවසර ලබාදී ඇත.

එමෙන්ම කොවිඩ් නොවන මරණයක් පැය විසිහතරක් ඇතුළත අවසන් කටයුතු සිදුකළ යුතුය.

එසේම වයස අවුරුදු විස්සට වැඩි පුද්ගලයන්ට ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් හෝ ළඟම ඇති රෝහලෙන් බූස්ටර් එන්නත ලබා ගත හැකි බවත් රට විවෘත කර දෛනික කටයුතු පවත්වාගෙන යාමට නම් බූස්ටර් එන්නත ලබා ගැනීම වැදගත් බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

ඉදිරියේදි උත්සව සමය එළැඹෙන නිසා දෛනික ක්‍රියකාරකම් සිදුකිරීමේදි කොවිඩ් වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා බූස්ටර් එන්නත ලබා ගැනීම වැදගත් බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

සෞඛ්‍ය මාර්ගෝදේශයන්ට අවනත වෙමින් ඉදිරියේදී කටයුතු කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

කාලීන පුවත්