අද සිට ජල බිල 30% කටත් ඉහළ නඟී

ජල බිල අද(03) සිට සියයට තිහක ප්‍රමාණයක සිට (30%) ඉහල දැමීමට කටයුතු කළ බව එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය වසන්තා ඉලංගසිංහ මහත්මිය පවසයි.නමුදු සමෘද්ධි සහ අඩු ආදායම්ලාභී ගෘහ ඒකක වෙත ලබා දෙන ජලය වෙනුවෙන් අය කෙරෙන ගාස්තු ඉහල දැමීමක් සිදු නොවන බවත් අනෙකුත් කාණ්ඩ සදහා ජලය පාවිච්චි කරනු ලබන ජල ප්‍රමාණය අනුව අවම සියයට තිහක සිට ඉහලට ජල ගාස්තු ඉහල යාමට නියමිත බවත් එය සමස්තයක් ලෙස සියයට පණහකට ආසන්න වන බව ද ඇය වැඩි දුරටත් පවසයි..එබැවින් අද සිට නව ගාස්තු වලට අදාලව බිල්පත් අය කිරීමට සූදානම් වන ලෙස ජල බිල්පත් බෙදා හරින ආදායම් සහකාරවරුන්ට දැනුම් දී ඇතැයි ද ජලසම්පාදන මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.මේ අතර පාරිභෝගිකයන් පවසනුයේ පසුගිය කාලය තුළ පිසූ ආහාර ආදිය මඟින් ඇතැම් වෙළඳුන් තමන් වෙත ලබා නොදුන් මිල සහනය එලෙසින්ම ලබා නොදී සිටීමට මෙම ජල බිල ඉහළ යාම ද හේතුවක් කර ගනු ඇති බව ය.

කාලීන පුවත්