අද(13) සිට ලංකා සතොස වෙළඳසැල් මඟින් රුපියල් 43ක මිලකට ආනයනික බිත්තර අවශ්‍ය තරම් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දී ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි.ලබන අප්‍රියෙල් 13 වන දා තෙක් ලබා දෙන මෙම සහනය සාමාන්‍ය පාරිභෝගිකයන් සේම ආහාර නිශ්පාදකයන් ඉලක්ක කොට ලබා දෙන අතරේ ඒ අනුව කිසිවකුටත් ඊට වැඩි මිලකට බිත්තර ලබා ගැනීමට අවශ්‍ය නොවන බව ද සභාපති වරයා වැඩි දුරටත් පවසයි.