අද සිට ලැබෙන වැඩිහිටි දීමනාව

වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ගේ රුපියල් 3,000ක මාසික දීමනාව සම්බන්ධයෙන් ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය දැනුම්දීමක් සිදු කර තිබේ.

එයට අදාළ ගෙවීම් අද (20) සිට සිදු කිරීමටයි සූදානම් කර ඇත.

ඒ අනුව, මේ මාසයට අදාළ දීමනාව සහ හිඟ දීමනා තැපැල්, උප තැපැල් කාර්යාල හරහා ලබා දීමට කටයුතු යොදා තිබේ.

කෙසේ වෙතත්, අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන්ට හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් මෙම ගෙවීම සිදු කරනු ලබන බවයි වැඩිහිටි මහ ලේකම් කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

කාලීන පුවත්