අද සිට විදුලි කප්පාදුවක්

නැවත දැනුම් දෙන තුරු අද(12) සිට පස්වරු 05.30 සිට පස්වරු 09.30 දක්වා කාලය තුළ කලාප වශයෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කරයි.කැලණිතිස්ස බලාගාරයේ සහ පෞද්ගලික විදුලි බලාගාරයක ඇති දෝෂයක් හේතුවෙන් එලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇති බවත් එම විදුලි බලාගාර වල සැපයුම යථා තත්ත්වයට පත්වන තුරු මෙම විදුලි කප්පාදුව සිදුකරන බවත් විදුලිබල අමාත්‍යාංශය කියයි.මෙම හේතුව මත ඊයේ ද මෙම විදුලි කප්පාදුව සිදු කරන ලදී.

කාලීන පුවත්