අධික උණුසුම් කාලගුණයක් පවතින මේ දිනවල ප්‍රදේශ කිහිපයකට වැසි ඇදහැළීමේ සම්භාවිතාවක් ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ, දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවලටයි.
ඒ අනුව සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කෙසේවෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එහි දැක්වෙයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතුනි.