අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛනයට

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසයි.

එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ මාර්ගයේ ධාවන කරන එවැනි වාහන සම්බන්ධයෙන් 070 3500 525 යන වට්ස් ඇප් අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බවයි.

වාහන බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින් පමණක් දුම් සහතිකය ලබා ගැනීම සිදුනොකරන ලෙස දසුන් ගමගේ මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

කාලීන පුවත්