අධික වැසි හේතුවෙන් එළවළු මිල ගණන් ඉහළට

දිවයින පුරා පවතින අධික වැසි සහ සුළං තත්ත්වය සමග එළවළු මිල ගණන් යළි ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. අධික වැසි හේතුවෙන් එළවළු අස්වැන්න නෙළා වෙළෙඳපොළට රැගෙන ඒමට නොහැකිවීම, වගා බිම්වලට වර්ෂාවෙන් හානිවීම යන කාරණා මත යළි එළවළු මිල ගණන් ඉහළ යමින් පවතින බව වෙළෙන්දෝ කියා සිටිති.

එළවළු තොග මිල ගණන් එතරම් ඉහළ ගොස් නැතත්, සිල්ලර මිල ගණන් වැඩිවී තිබේ. එළවළු වර්ග කීපයක සිල්ලර මිල ගණන් මෙසේය.

මුරුංගා රු 720, කැරට් රු 240, මාළු මිරිස් රු 440, බිට්රුට් රු 400, තක්කාලි රු 240, අමු මිරිස් රු 400, බණ්ඩක්කා රු 240, පතෝල රු 320, කරවිල රු 480, වට්ටක්කා රු 160 , බටු රු 240, ගෝවා රු 240, ලික්ස් රු 400, වැටකොළු රු 400, මඤ්ඤොක්කා රු 200, දෙල් ගෙඩියක් රු 300, දේශීය අර්තාපල් රු 360, දෙහි රු 1800, අමු ඉගුරු රු 2500 වශයෙන් අලෙවි කෙරේ.

කාලීන පුවත්