අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක්

හම්බන්තොට ලංකා ලුණු සංගමේ නව සභාපති ටී. නන්දන තිලක විසින් අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කිරීම නවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.

ඔහු සඳහන් කළේ ලුණු හිඟයක් ඇති වන බවට ප්‍රචාරය වන කට කතා සාවද්‍ය වන බව සහ ඒ පිළිබඳව අනියත බියක් ඇති කර නොගත යුතු බවයි.

මේ වන විට ලංකා ලුණු සමාගම සතුව ලුණු මෙට්‍රික්ටොන් 6000ක් පවතින බවත් ලබන වසරේ ජනවාරි මාසය දක්වා එය ප්‍රමාණවත් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

කාලීන පුවත්