“අන්තර් කාලීන ආණ්ඩුවකට එකඟයි” ජනපති මහ නා හිමි වරුන්ට දන්වයි

වත්මන් ආර්ථික අර්බුදය විසඳීම පිණිස අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පියවර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ නාහිමි වරුන් වෙත ලිඛිතව තම එකඟත්වය පළ කොට තිබේ.අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කළේ මහජනතාවගේ සුභ සාධනය ඇති කිරීම සදහා මහනාහිමිපාණන් වහන්සේ කළ දැනුවත් කිරීමට අනුව ජනාධිපතිවරයා මෙම ලිපිය යොමු කර ඇති බවකි.

කාලීන පුවත්