අන්තර් පළාත් පෞද්ගලික බස් රථ වලට මගීන් සමඟම අතර මගින් තෙල් ගහන්න අවසර!මගීන් ප්‍රවාහනය කරන අතරේ අතරමඟ දී ඉන්ධන පිරවුම් හල් වලින් ඉන්ධන සපයා ගැනීමට අන්තර් පළාත් පෞද්ගලික බස් රථ වලට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කොට තිබේ.මින් පෙර එසේ මඟීන් ප්‍රවාහනය කරන අතරේ අතරමඟ ඉන්ධන පිරවුම් හල් වලින් ඉන්ධන සපයා ගන්නා අන්තර් පළාත් පෞද්ගලික බස් රථ වල මාර්ග බලපත්‍ර තහනම් කිරීමට හැකි වන අන්දමට නීති පනවා තිබිණ.එහෙත්,දැනට පවතින ඉන්ධන අර්බුදය මත ලංකා අයිඕසී ඉන්ධන මිල ගණන් ඉහළ යාම සහ ඊට සාපේක්ෂව සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් වල අධික වාහන තදබදයක් පැවතීම ආදී කරුණු මත නියමිත කාල සටහන් අනුව අන්තර් පළාත් පෞද්ගලික බස් රථ ධාවනය කිරීමේ අපහසුව ආදී කරුණු සළකා බලා ඉහත සඳහන් නීතිය තාවකාලිකව අහෝසි කිරීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කොට තිබේ.මේ අතර මෙම දුෂ්කරතාවට මුහුණ දුන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ කිහිපයක් ඉන්ධන නොමැති කමින් අතරමඟ නතර වූ සිදුවීම් ද ප්‍රථම වරට පසුගිය දින වල වාර්තා වූ බව ද කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.මේ අතර අද(28) ජාතික ගමනාගමන කොමිසම මඟින් සේම මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරී මඟින් ධාවනය වන බස් රථ ධාවනයේ ද පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව ද වාර්තා වෙයි.