අනාරාධිතව පැමිණ පොලීසියට මිනී මරුවකු කොටු කර ගැනීමට සහාය දුන් නිල “නොලත්” සුනඛ රාළහාමි

අපරාධ විමර්ශනය සඳහා පොලිස් නිල සුනඛයන් ගෙන් ලැබෙන මෙහෙවර සුළුපටු නැත.එහෙත්, පොලිස් නිලධාරීන්ට සොයාගත නොහැකි වූ ඝාතනයට ලක් වූ පුද්ගල මළ සිරුරක් සහ තවත් සාක්ෂි සමුදායක් ස්වේඡාවෙන් සොයා දීමට සමත් සාමාන්‍ය සුනඛයකු පිළිබඳ පුවතක් කොස්ලන්ද ප්‍රදේ­ශයෙන් වාර්තා වෙයි. එම සිදුවීම මෙලෙසිනි. තණ­ම­ල්විල, අර­ඹෙ­කෙම පදිංචි පුද්ග­ල­යකු කොස්ලන්ද ප්‍රදේ­ශයේ කැලෑ­ව­කට රැගෙන ගොස් ගෙල කපා ඝාත­නය කර වළ ­දමා තිබි­යදී තණ­ම­ල්විල මූලස්ථාන පොලී­සිය විසින් පසුගිය 22 දහ­වල් එම මළ සිරුර සොයා­ගෙන තිබේ.මෙලෙස ඝාත­න­යට ලක්ව ඇත්තේ ඊට දින කිහිපයක සිට අතුරුදන්ව සිටි තණ­ම­ල්විල අර­ඹෙ­කෙම පදිංචි රොෂාන් දිනුක නමැති 35 හැවි­රිදි අවි­වා­හකයෙකි.ඒ අතර ඔහු ගේ මව වන හම්බෙ­ග­මුව අර­ඹෙ­කෙම පදිංචි රණ­සිංහ ආර­ච්චිගේ කාන්ති ඉන්ද්‍රානි නමැති අය විසින් තම පුතු දින කිහි­ප­යක් තිස්සේ ආගිය අතක් නැති බවට පසු­ගිය 18 දින තණ­ම­ල්විල පොලී­සි­යට පැමි­ණි­ල්ලක් කර ඇත.

අතුරුදන් වූ පුද්ග­ලයා ඇගේ දෙවන අනියම් පුරු­ෂයා සමඟ යතු­රු­පැ­දි­ය­කින් කොස්ලන්ද දෙසට යනු දුටු බවටත් ඇතැමුන් ගෙන් පොලීසියට තොරතුරු ලැබෙන්නට විය.ඒ අනුව බොහෝ විට අපරාධයක් සම්බන්ධ වැදගත් හෝඩුවාක් බව වටහා ගත් පොලීසිය ඇගේ දෙවන සැමියාගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී එසේ ඝාතනයට ලක් වූ පුද්ගලයා තම අනියම් බිරිඳට කරදර කිරීම මත තමන් ඔහු ඝාතනය කළ බවක් පවසා තිබේ.පසුව අනාවරණය වූ පරිදි තම පළමු අනියම් පුරුෂයා ඝාතනය කරවීමට දෙවන අනියම් පුරුෂයාට අවස්ථාව සළසා ඇත්තේ එම කාන්තාව විසිනි.

එහිදී සිය පුත්‍රයා හම්බෙ­ග­මුව සූරි­ය­ගොඩ ප්‍රදේ­ශයේ පදිංචි කාන්තා­වක සමඟ අනි­යම් සබම්බන්ධ­තා­වක් පව­ත්වා­ගෙන ගිය බවත් පුතු ගේ අතුරුදන් වීම හා එම සම්බන්ධතාව අතර කිසියම් ගැලපීමක් ඇතැයි සිතෙන බවත් ඇය සිය පැමි­ණිල්ලේ සඳ­හන් කර තිබේ. තණ­ම­ල්විල මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එම්.පී. බණ්ඩාර මහතා ඇතුළු නිල­ධා­රීන් කණ්ඩාය­මක් 44 හැවිරිදි එම කාන්තාව මුල් කොට විම­ර්ශන ආරම්භ කොට ඇත්තේ ඒ හෝඩුවාව අනුව ය.මුලින්ම පොලීසිය අදාළ කාන්තා­වගේ නිවෙ­සට ගොස් මේ පිළි­බඳ ප්‍රශ්න කර ඇති අතර,එහිදී ඇය පවසා ඇත්තේ ඝාත­න­යට ලක් වූ පුද්ග­ල­යා තමන් දන්න හඳුනන අයකු බවත් ඔහු සිය කැබ් රථය තම නිවෙසේ නවතා ගිය මුත් තමන් යන ස්ථාන­යක් පිළි­බඳ කිසි­වක් තමන් සමඟ නොකී බවත් ය.ඒ අනුව තණ­ම­ල්විල පොලී­සිය වැඩි දුර­ටත් කළ විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වූයේ මේ කාන්තා­ව බල­හ­රුව ප්‍රදේ­ශයේ තවත් අනි­යම් සැමි­යකු ඇසුරු කරන බවකි.ඔහු 46 වන වියේ පසුවන්නෙකි.

ඒ අතර අතුරුදන් වූ පුද්ග­ලයා ඇගේ දෙවන අනියම් පුරු­ෂයා සමඟ යතු­රු­පැ­දි­ය­කින් කොස්ලන්ද දෙසට යනු දුටු බවටත් ඇතැමුන් ගෙන් පොලීසියට තොරතුරු ලැබෙන්නට විය.ඒ අනුව බොහෝ විට අපරාධයක් සම්බන්ධ වැදගත් හෝඩුවාක් බව වටහා ගත් පොලීසිය ඇගේ දෙවන සැමියාගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී එසේ ඝාතනයට ලක් වූ පුද්ගලයා තම අනියම් බිරිඳට කරදර කිරීම මත තමන් ඔහු ඝාතනය කළ බවක් පවසා තිබේ.පසුව අනාවරණය වූ පරිදි තම පළමු අනියම් පුරුෂයා ඝාතනය කරවීමට දෙවන අනියම් පුරුෂයාට අවස්ථාව සළසා ඇත්තේ එම කාන්තාව විසිනි.ඒ අනුව ඇගේ මඟ පෙන්වීම මත ඇගේ පළමු අනියම් පුරුෂයා සමඟ ව්‍යාජ මිතුරු දමක් ඇති කර ගත් දෙවන අනියම් පුරුෂයා කොස්ලන්ද ප්‍රදේශයේ වනයේ ගංජා වගාවක් ඇරඹීමට යෝජනා කොට තිබේ.ඒ එමඟින් විශාල ආදායම් ලද හැකි බවක් පවසමිනි.ඔවුන් දෙදෙනා දෙවන අනියම් පුරුෂයා ගේ මෝටර් සයිකලයෙන් කොස්ලන්ද බලා පිටත් වන්නේ ඒ අනුව ය.පසුව කොස්ලන්ද වනය තුළ දී එම කාන්තාවගේ දෙවන අනියම් පුරුෂයා තම අතේ තිබූ කැත්තෙන් පළමු අනියම් පුරුෂයා ගේ ගෙලට පහර දී ඔහු ඝාතනය කොට මළ සිරුර හඳුනා ගත නොහැකි වන සේ එහි කඳ සහ හිස ස්ථාන දෙකක වළ දමා තිබේ.

අපරාධය හෙළිදරව් කර ගැනීමට සහාය වූ සුනඛයා

සැක­කාර අනි­යම් බිරිය හා බල­හ­රුවේ පදිංචි සැක­කරු සමඟ යතු­රු­පැ­දිය හා කැබ් රථය පොලිස් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. මිනිසා සහ සුනඛයා අතර මානව ශිෂ්ඨාචාරයටත් පෙර සිට මේ දක්වා පවතින අඛණ්ඩ සබැඳියාව මුල් කොට මිනිසුන් සුනඛයන්ට පිහිට වන පාරාසයට වඩා පුළුල් පාරාසයකින් සුනඛයන් මිනිසුන්ට පිහිට වන බව මේ වන විට අනාවරණය වී තිබේ.ඉහත සඳහන් සිදුවීම ඒ සඳහා වන එක් නිදසුනක් පමණි.

පසුව සැක­ක­රුගේ මඟ­පෙ­න්වීම මත ඝාත­න­යට ලක් වූ පුද්ග­ල­යාගේ සිරුර සොයා­ගැ­නී­මට පොලී­සිය කොස්ලන්ද ප්‍රදේ­ශ­යට ගොස් ඇත.ඔහු ද කැටුව පොලිස් නිල­ධා­රීන් කොස්ලන්ද ප්‍රදේ­ශයේ වනය තුළට කිලෝ මීටර් අටක පමණ දුරක් ගොස් තිබේ. මෙලෙස සැකකරු ද සමඟ පොලී­සිය පා ගම­නින් වනය තුළට ගමන් කිරී­මේදී පසෙක සිටි සුන­ඛ­ය­කු ද පසු­ප­සින් පැමිණ ඇත්තේ කිසිවකු ගේ අවධානයෙන් තොරව ය.නමුත් එහි දී පොලීසියට මෙන්ම සැක­ක­රු­ට ද අදාළ ඉසව්ව සොයා­ගැ­නී­මට අප­හසු වී තිබේ.නමුත් ඝාත­න­යට ලක් වූ පුද්ග­ල­යාගේ සිරුර හා හිස වළ ­දමා තිබූ ස්ථානය මෙන්ම කැලයේ සඟවා තිබූ කැත්ත හා උදැ­ල්ල ද සොයා ­ගැ­නී­මට පොලිස් නිල­ධා­රීන් හා පසු­ප­සින් පැමිණි සුන­ඛයා උප­කාර කොට ඇත්තේ සියල්ලන් විස්මයට පත් කරමිනි. ඒ අනුව සැක­කාර අනි­යම් බිරිය හා බල­හ­රුවේ පදිංචි සැක­කරු සමඟ යතු­රු­පැ­දිය හා කැබ් රථය පොලිස් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. මිනිසා සහ සුනඛයා අතර මානව ශිෂ්ඨාචාරයටත් පෙර සිට මේ දක්වා පවතින අඛණ්ඩ සබැඳියාව මුල් කොට මිනිසුන් සුනඛයන්ට පිහිට වන පාරාසයට වඩා පුළුල් පාරාසයකින් සුනඛයන් මිනිසුන්ට පිහිට වන බව මේ වන විට අනාවරණය වී තිබේ.ඉහත සඳහන් සිදුවීම ඒ සඳහා වන එක් නිදසුනක් පමණි.

රේණුකා දමයන්ති

සතුන්ටත් හිමි අපේ ලෝකය