අනාවැකි කරුවන්ට අභියෝගයක් ! – තාරක වරාපිටිය ලේකම් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය

යම්කිසි පිළිගත හැකි ක්‍රමවේදයක් තුළින්, යම් විචල්‍යයක් පිළිබඳව අපට අනාගතයට අදාළ පුරෝකතනයක් කිරීමට හැකියාවක් ඇත. හොඳ යථාර්ථවාදී තොරතුරු සමූහයක් තුළින් සිදු කරන එවැනි පුරෝකතනයන් නිරවද්‍යතාවයට ආසන්න ඇස්තමේන්තු ලබා දේ.එහෙත් එසේ නොවන වෙනත් ව්‍යාජ හෝ මිථ්‍යා විශ්වාස මත පදනම්ව කරනු ලබන අනාවැකි ද අපේ සමාජයේ තවමත් පවතී. මේ විශ්වාස උරගා බලන්න මේක අවස්ථාවක් !

ඒ නිසා අපි මෙසේ යෝජනා කරමු !

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම දැන් අවසන්ව ඇත. දැනට පෙනෙන පරිදි , සමාජයේ අවධානය යොමු වූ, සමාජයම දන්නා ප්‍රධාන අපේක්ෂකයින් සිව් දෙනෙකු මේ ජන්ද සටනට අවතීර්ණව ඇත.
මෙම ජනාධිපතිවරණයේ දී මෙකී ප්‍රධාන අපේක්ෂකයින් සිව් දෙනා ලබා ගනු ඇතැයි අපේක්ෂිත/ අනුමාන කරන ජන්ද ප්‍රමාණයන් කෙසේ වනු ඇතිද කියා ඉදිරිපත් කළ හැකි නිසා අයගේ ඒ හැකියාව උරගා බැලීමට අවස්ථාවක් මෙවරත් නිර්මාණය කරන්න අපි අදහස් කළෙමු.
ඒ අනුව, ජනාධිපතිවරණයේ දී, ජන්ද ප්‍රතිඵල අනුව ඉදිරියෙන්ම සිටිනු ඇතැයි අපේක්ෂා කරන ප්‍රධාන තරඟ කරුවන් සිව් දෙනා ලබා ගන්නා ජන්ද ප්‍රමාණය, ආසන්න නිරවද්‍යතාවය තෙක් ඉදිරිපත් කළ කෙනා ඒ දක්ෂතාවය ලබා ගත්තේ පහත සඳහන් කිනම් හැකියාව තුළින් ද යන්නද අමතර සංරචකයක් ලෙස අපි ඔබෙන් බලාපොරොත්තු වෙමු.
එනම්,
මේ පුරෝකතනය ලබා දෙන්නේ,
1. ඔබ සතු සමාජ දේශපාලන සංවේදන හැකියාව ( Political sense) මත පදනම්ව,
2. මේ මොහොතේ දේශපාලන භූමියේ සක්‍රීය කෙනෙක් නිසා ඒ ඔස්සේ ලැබෙන සංඥාවන් මත පදනම්ව,
3. මෙම ජනාධිපතිවරණය අරබයා දැනටමත් ක්‍රියාත්මක විවිධ මත සමීක්ෂණ තොරතුරු මත පදනම්ව,
4. එසේත් නැත්නම් ඔබ සතු යම්කිසි ගුප්තමය හැකියාවක් තුළින් …

යන කාරණය ද ඔබේ පුරෝකතනය සමග ඉදිරිපත් කිරීම මැනවි.

ඒ අනුව ප්‍රධාන අපේක්ෂකයින් සිව් දෙනා ( අවධාරණයෙන් : මේ අයගේ නම් අනවශ්‍ය ය. සදාචාරාත්මක කරුණු හේතුවෙන් ) ගේ ජන්ද ප්‍රමාණය සහ ඉහත කී සංරචක හතරෙන් කුමන හැකියාවක් මත පදනම්ව ද යන කාරණය අප වෙත යොමු කරන්න .
හෙට (17 ) දා සිට ඉදිරි සති දෙක තුළ මෙම ප්‍රතිචාරයන් වාර්තා කොට තබා ගන්නෙමු .

( 0727 449 599 ට වට්සැප් කරන්න )

තාරක වරාපිටිය
ලේකම්
ශ්‍රී ලංකා හේතුවාදී සංගමය
2024-08-16

පහන් ටැඹ