අනුරපුරය සුනඛයන්ටත්“ ආදරය කරුණාව පිරුණු නගරයක්” කිරීමේ වැඩ සටහනක්

අනුරපුරය “ආදරය කරුණාව පිරුණු නගරයක්” බිහි කිරීමේ තේමාව අනුව නාගරික පශු වෛද්‍ය කාර්යාලය, අනුරාධපුර, මහ නගර සභාව මඟින් සංවිධානය කරනු ලබන Justice for Animal සත්ව සුබ සාධක සංවිධානයේ මූල්‍ය දායකත්වය සහ Vets for future සත්ව සුබ සාධක සංවිධානයේ සේවා දායකත්වය සහිතව සිදු කරනු ලබන සුනඛ ජලභීතිකා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැඩසටහන  22 (අද) සිට 28 දක්වා අනුරාධපුර, මහ නගර සභා සීමාවට අයත් ක්‍ෂේත්‍ර ස්ථාන කිහිපයක දී සිදු කරනු ලබන අතර නොමිලේ වන්ද්‍යාකරණ සැත්කම් නාගරික පශු වෛද්‍ය කාර්යාල හරිශ්චන්ද්‍ර උද්‍යාන පරිශ්‍රයේදී සිදු කෙරේ.“2025 දී ජලභීතිකාවෙන් තොර නිරෝගී නගරයක් බිහි කිරීම” සඳහා මෙම වැඩසටහනට සහභාගී වී මෙම වැඩසටහනේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට එක්වන ලෙස අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වරයා ඉල්ලා සිටියි.විමසීම් : නාගරික පශු වෛද්‍ය කාර්යාලය මහ නගර සභාව,අනුරාධපුර.නාගරික පශු වෛද්‍ය – 071 730 76 41,චින්තා මිය – 071 775 06 48,අජිත් මයා –071 6150212

කාලීන පුවත්