අනුරපුර කොවිඩ් සමඟ ගුප්ත විශ්වාසයකුත් පැතිර යයි

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පසුගිය සති දෙකක කාලය තුළ පමණක් කොවිඩ් රෝගීන් 2,000 ඉක්මවා වාර්තා වු බව දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා වෛද්‍ය ආර්.එම්.රත්නායක මහතා පවසයි.ඒ අතර වැඩි වශයෙන් වාර්තා වන්නේ ප්‍රාථමික අංශ සිසුන් සහ ගුරුවරුන් බව ද වෛද්‍යවරයා පැවසීය.”ඔක්තෝම්බර් මාසය තුළම රෝගීන් 2,800යි වාර්තා වුණේ. නමුත් මේ සති දෙක තුළ 2,650ක් වාර්තා වෙනවා. පාසල් ප්‍රාථමික අංශ සහ ගුරුවරුන් මේ ආසාදනයට ගොදුරුවීමේ වැඩි නැඹුරුතාවයක් පෙන්නුම් කරනවා. දිනකට අපි රැපිඩ් ඇන්ටිජන් 500ක් පමණ ලක් කරනවා. එයින් 250ත් 300ත් අතර ප්‍රමාණයක් ආසාදිත බවට වාර්තා වෙනවා”වෛද්‍ය ආර්.එම්.රත්නායක මහතා වැඩි දුරටත් පැවසීය.මේ අතර අනුරාධපුර අටමස්ථානයට අමතරව සඳ හිරු සෑය නමින් නව සෑයක් ඉදි කිරීමත් එහි කටයුතු සිදු වූ අන්දමත් කෙරෙහි අනුරාධපුර ප්‍රදේශයේ පාරම්පරික ජනතාව තුළ නොසතුටක් පවතින බවත් මෙම වසංගතය එම කටයුත්ත සම්බන්ධයෙන් දේව කෝපය පළ කරවන්නක් බවත් ප්‍රදේශයේ ගුප්ත විශ්වාස පැතිර යන බව ද දැන ගන්නට තිබේ.

කාලීන පුවත්