වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන අනුරාධපුර දිස්ත්රික්කයේ පිහිටි ප්රධානතම ජලාශ 14 න් ජලාශ 09 ක්ම මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්යක්ෂ ජයන්ත ඩි සිල්වා මහතා පවසයි.මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම ප්රධාන ජලාශවලට ලැබෙන ජලය ඉවත් කිරිමේ අරමුණින් වාන් දොරටු විවෘත කොට ඇති බවත් කලාප වාරිමාර්ග අධ්යක්ෂකවරයා සඳහන් කරයි.ඒ අනුව නාච්චාදූව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් ද, දොරටු දෙකක් අඩි දෙක බැගින් ද , දොරටු තුනක් අඩි දෙක බැගින් ද විවෘත කර ඇත. රාජාංගණය ජලාශයේද වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර මහකනදරාව ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් නවය බැගින් විවෘත කර ඇත. එමෙන්ම මහවලච්චිය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි එක බැගින් හා අඩි දෙක බැගින් විවෘත කර තිබෙන බව පැවසෙයි.අභය වැව තුරුවිල ජලාශය හා තිසාවැව ද අඟල් දෙක බැගින් වාන් දමමින් පවතින අතරම නුවර වැව අඩි එකකින් වාන් දමමින් පවතී.කලා වැවේ ද අඩි එක බැගින් වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ.