අනුරාධපුර වන්දනාවේ යන සැදැහැවතුනට ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අනුරාධපුර නව නගරය සහ පූජා නගරය සම්බන්ධ කෙරෙන විශේෂ සුඛෝපභෝගි බස් රථ සේවාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි උතුරුමැද ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා පවසයි.එම බස් රථ සේවාව නව නගරයේ සිට පූජා නගරයේ බෞද්ධ සිද්ධස්ථාන ආවරණය වන පරිදි ධාවනය කිරීමට පියවර ගනු ඇත.වන්දනාකරුවන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ මෙවන් පොදු ප්‍රවාහන සේවාවන් ආරම්භ කරන ලෙස ඉල්ලීම් සිදු කළත් එම ඉල්ලීම් ඉටු වී නැති අතර, ත්‍රිරෝද රථ ඇතුළු වෙනත් වාහනවලින් වන්දනාකරුවන්ට අධික මිලක් ගෙවා වන්දනාවට යෑමට සිදුව ඇති හෙයින් මේ විශේෂිත ප්‍රවාහන සේවාව ආරම්භ කිරීමට කටයුතු කරන බව ඔහු පවසයි.මේ සඳහා කඩිනමින් අවශ්‍ය කටයුතු සිදු කිරීමට උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය විසින් කටයුතු කර ඇති බවද, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවද ඉදිරි මාස 6ක් ඇතුළතදී එම ප්‍රවාහන සේවාව ආරම්භ කරනු ලබන බවද ඔහු පවසයි.