අනුරපුර සිදුවීම මුල් කොට රට පුරා වෛද්‍ය වර්ජනයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී රාජකාරි කටයුතු වල නිරතවන සිටි වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද(12) උදෑසන 8.00 සිට දිවයින පුරා රෝහල්වල එක් දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.එය හෙට උදෑසන 8.00 දක්වා ක්‍රියාත්මක කරන බව ද පැවසෙයි.මෙම වැඩ වර්ජනය ළමා රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ජාතික මානසික විද්‍යායතනය සහ ත්‍රිවිධ හමුදා රෝහල් හි ක්‍රියාත්මක නොවන බව ද පවසයි.හදිසි ප්‍රතිකාර සේවා ද කිසිලෙසකින් වත් අඩාල නොවන පරිදි අඛණ්ඩව සිදු කිරීමට පියවර ගන්නා බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

.

.

.

කාලීන පුවත්