අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සහ අටමස්ථානයේ සංවර්ධන කටයුතු සදහා ඉදිරියේදීද රජයේ සහාය ලබාදෙන බවත් අනුරාධපුර නගරයේ පුරාවිද්‍යාත්මක පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරිය සමඟ සාකච්ඡා කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසයි..ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද කිලෝවොට් 150 ක ධාරිතාවකින් යුත් සූර්යබල විදුලි පද්ධතිය සසුනට පූජා කිරීමේ උත්සවයට එක්වෙමිනි.