වසර 28කට පසුව අපනයන සංවර්ධන අමාත්‍යවරුන්ගේ කවුන්සිලය ස්ථාපිත කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ.
එහි සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, එම කවුන්සිලයේ සභාපතීත්වය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හිමිවන බවයි.
මීට පෙර එම කවුන්සිලය ක්‍රියාත්මක කිරීමට උත්සහ කළ ද එය ක්‍රමවත්ව සිදු වී නැත.
වසර අවසානයේදී වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 18 දක්වා වර්ධනය කිරීම අදාළ කවුන්සිලය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ බව මංගල විජේසිංහ මහතා පැවසීය.