අපරාධ වාර්තාකරණයෙන් පසු අපරාධ තළු මැරීම අතිශය අනතුරුදායක ය – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

vinivida

පසුගිය දිනවල අප රටේ කිසියම් ආකාරයකින් ප්‍රසිද්ධියට පත් පුද්ගලයකු එල්ල කොට තබන ලද නන්නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය පුවත සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. මේ වන විටත් එම අපරාධය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදුවෙමින් පැවතීම මත තවමත් එම අපරාධය ප්‍රවෘත්තිමය වශයෙන් ඇල්මැරී නොමැති බවක් හැඟේ. ඒ අනුව සැලකිය යුතු කාලයක් තිස්සේ යාවත් කාලීන වන පුවත් ගණයට එය ඇතුලත් වී ඇති බව පෙනෙයි. එය යම් සමාජයක ජන මනැස තුළ ස්ථාපනය වී ඇති ප්‍රවෘත්ති පිපාසය නම් වන ස්වභාවික සංසිද්ධිය මත පදනම් වන්නකි.

අමෙරිකානු ඉතිහාසය තුළ සිදුවූ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය සැප්තැම්බර් 11 ප්‍රහාරය නිව්යෝක් නුවර වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ල සහ වොෂින්ටනයේ පෙන්ටගන් ගොඩනැගිල්ල ඉලක්ක කොට ගත් ප්‍රහාරයයි.අල් කයිඩා අන්තවාදී සංවිධානයට සම්බන්ධ සන්නද්ධ සාමාජිකයින් 19 දෙනෙකු ගුවන් යානා පැහැරගැනීම් සහ මරාගෙන මැරෙන ප්‍රහාර වැලක් එල්ල කිරීම මත විශාල විනාශයක් සිදුවිය. ත්‍රස්තවාදීන් පැහැරගත් එක් ගුවන්යානයක් සිය පාලනයට ගැනීමට මගීන් උත්සාහ කිරීමත් සමග එය පෙන්සිල්වේනියා ප්‍රාන්තයට කඩාවැටීමෙන් ද ජීවිත හානි රැසක් ද විනාශ විය.සමස්ත ලෝකයම ප්‍රකම්පනයට පත් කරන එම පුවතේ උණුසුම දිගු කාලයක් එලෙසම පවතිනු දක්නා ලදී.ඒ මිනිස් තිරිසන් සැමට පොදු ආත්ම කේන්ද්‍රීය බව මුල් කොට තම ජීවිත ආරක්ෂාව සළසා ගැනීම සම්බන්ධයෙන් සැම කෙනකු තුළම පවත්නා පොදු උනන්දුව නිසා ය.

නමුදු සමාජ හා මානව විද්‍යා සිද්ධාන්තවලට අනුව අපරාධ වාර්තා කිරීම අතිශය ප්‍රවේශමකින් හා සීරු මාරුවට කළ යුත්තකි. ඊට හේතුව මිනිසා තුළ පවත්නා ස්වභාවික සත්ත්ව ආවේගයක් වන ප්‍රචණ්ඩත්වය සෘජුව සේම වක්‍රව කුළු ගැන්වෙන අයුරින් අපරාධ පුවත් වාර්තාකරණය ඉමහත් සමාජමය ව්‍යසනයකට පොට පැදීමක් බැවිනි.

නමුදු සමාජ හා මානව විද්‍යා සිද්ධාන්තවලට අනුව අපරාධ වාර්තා කිරීම අතිශය ප්‍රවේශමකින් හා සීරු මාරුවට කළ යුත්තකි. ඊට හේතුව මිනිසා තුළ පවත්නා ස්වභාවික සත්ත්ව ආවේගයක් වන ප්‍රචණ්ඩත්වය සෘජුව සේම වක්‍රව කුළු ගැන්වෙන අයුරින් අපරාධ පුවත් වාර්තාකරණය ඉමහත් සමාජමය ව්‍යසනයකට පොට පැදීමක් බැවිනි. ඒ අනුව දියුණු සමාජ, ආර්ථික වශයෙන් දියුණු රටවල අපරාධ වාර්තාකරණය සම්බන්ධ ස්වයං විනයක් පවත්වා ගත යුතුය යන පොදු සම්මුතියක් පවතී.
ලෝක තත්වය එසේ තිබිය දී අප රටේ අපරාධ වාර්තාකරණය නම් වන සංසිද්ධිය කිසිදු විචාරාත්මක බවක් හෝ සංයමශීලී බවකින් තොර අවිචාරවත් ක්‍රියාවලියක් බවට පත් වෙමින් තිබෙනු දැන් කලෙක සිට නිරීක්ෂණය කළ හැක. ද්විත්ව මිනී මැරුමක් සහිත මෙම අපරාධය ඒ සම්බන්ධ එක් තීරණාත්මක කඩ ඉමක් බව අපගේ වැටහීම ය.

අපරාධයක් වැනි කිසියම් ප්‍රචණ්ඩත්වය සම්බන්ධ ජනතාව තුළ තීව්‍ර මානසික නැඹුරුවක් පළ කරන පුවතක් නිෂ්කාශනය කිරීමේදී එහි මූලික සන්දර්භය අබිබවා යන විචිත්‍රවත් ස්වභාවයක් අපගේ ජන මාධ්‍ය තුළින් වරින් වර දැකිය හැකි විය. අතීතයේ මූද්‍රිත මාධය විසින් යම් පමණකට පමණ සිදුකළ එම කාරිය අද වන විට විද්්‍යුත් සන්නිවේදන ක්‍රම පෙරදැරිකර ගත් ප්‍රසිද්ධ සහ සමාජ මාධ්‍යයේ ව්‍යාප්තියත් සමඟ ශීඝ්‍රයෙන් විවිධාංගීකරණයට ලක් වෙමින් පවතින බවක් පෙනෙයි. එහිදී එම මාධ්‍ය කරුවා ජනතාව ගේ සිත් සතන් එම අපරාධමය ප්‍රවෘත්තිය කෙරෙහි ඇඳ බැඳ තබා ගැනීම කෙරෙහි ඊට අනේක විධ ආරෝපණයන් ද එක් කොට ඇති අයුරු මනාව නිරීක්ෂණය කළ හැක.
ඒ ඇතැම් ඒවා අධි ආරෝපණයන් සේම තවත් කොටසක් මුළුමනින් සාවද්‍ය ආරෝපණයන් ද වේ. එමෙන්ම ඔය අතරේ එම ප්‍රවෘත්තිය හා සම්බන්ධ මුඛ්‍ය ධාරාවෙන් ඉවතට යන මාධ්‍ය කරුවන් එම වාර්තාකරණය තුළට “සාහිත්‍යමය ප්‍රවේශයක්” හඳුන්වා දීම ඉතා පැහැදිලිව දක්නට ලැබෙන්නකි. ඒ සම්බන්ධ නිදසුනක් ලෙස එම ප්‍රවෘත්තිය හා සම්බන්ධ පුද්ගලයන් ගේ පෞද්ගලික තොරතුරු, ඔවුන්ගේ අතීත තොරතුරු සහ ජීවන රටාවන් සේම විනෝදාංශ පවා ඕපාදූප ස්වරූපයෙන් සමාජය වෙත ඉදිරිපත් කරමින් එම අපරාධමය සංසිද්ධිය ජනප්‍රිය කරවීමේ අනිසි උත්සාහයක යෙදෙනු පෙනෙයි. ඒ මගින් ඔවුන් සමාජය තුළ පවත්නා අපරාමය ප්‍රවෘත්තිය පිළිබඳ සාපිසාව තීව්‍ර කරන අතර ඒවා සමාජගත කරන පුද්ගලයන් එමගින් ආර්ථික ලභාපේක්ෂාවන් ලබන බව අතිශයින් පැහැදිලි ය.

“කිව යුතු සෑම දෙයක්ම සත්‍යයක් විය යුතුය. මුත් සෑම සත්‍යයක්ම නොකිව යුතුය”. යනු ප්‍රවෘත්ති කලාව හා සම්බන්ධ වැදගත් මූල ධර්මයකි. ඉන් අදහස් කරනුයේ ජන මාධ්‍යයක් මින් යම් පුවතක් සමාජගත කිරීමේදී සමාජමය වශයෙන් ඉන් සිදුවන යහපත අයහපත සම්බන්ධයෙන් ජන මාධ්‍ය කරුවා අතිශය විමර්ශනශීලී විය යුතු බව ය. එහෙත්,වර්තමාන අධි පරිභෝජනවාදී සමාජය තුළ ඒ වැදගත් සාරධර්ම පද්ධතිය අනෝරා වැස්සකට හසු වූ කටු මැටි පැළක් සේ මුලුමනින් සෝදා පාළු වී යනු දක්නට ලැබේ.

“කිව යුතු සෑම දෙයක්ම සත්‍යයක් විය යුතුය. මුත් සෑම සත්‍යයක්ම නොකිව යුතුය”. යනු ප්‍රවෘත්ති කලාව හා සම්බන්ධ වැදගත් මූල ධර්මයකි. ඉන් අදහස් කරනුයේ ජන මාධ්‍යයක් මින් යම් පුවතක් සමාජගත කිරීමේදී සමාජමය වශයෙන් ඉන් සිදුවන යහපත අයහපත සම්බන්ධයෙන් ජන මාධ්‍ය කරුවා අතිශය විමර්ශනශීලී විය යුතු බව ය. එහෙත්,වර්තමාන අධි පරිභෝජනවාදී සමාජය තුළ ඒ වැදගත් සාරධර්ම පද්ධතිය අනෝරා වැස්සකට හසු වූ කටු මැටි පැළක් සේ මුලුමනින් සෝදා පාළු වී යනු දක්නට ලැබේ.
මෙම තත්වය තුළ සමාජයීය වශයෙන් ප්‍රධාන අනර්ථයන් කිහිපයකි. ඉන් පළමු වැන්න සාපරාධි ක්‍රියාව හා සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ සෑම තොරතුරක්ම අවිචාරවත් අයුරින් සමාජගත කිරීමට යාමේදී පවුල්, ප්‍රජා ආදී වශයෙන් වන ඒ හා සම්බන්ධ පුද්ගලයන් ගේ සමාජමය වටාපිටාවට අනේක විධ අනර්ථයන් සිදුවීමට ඇති හැකියාව ය. එය වර්තමානයට සේම පරම්පරා ගණනක් ඉදිරියට ඇදී යන අනාගතයට ද එක සේ බලාත්මක විය හැක.එය කෙසේවත් සිදු නොවිය යුත්තකි.

ඒ හා සම්බන්ධ ඊටත් වඩා ප්‍රබල අනර්ථයක් වනුයේ කිසියම් සාපරාධී ක්‍රියාවක් මුල් කොට ප්‍රවෘත්තිමය වශයෙන් ඊට අවිචාරවත් ලෙස “සාහිත්‍යාංගයක්” එක් කිරීම මගින් එම අපරාධමය පුවත සඳහා අතිරේක පෝෂණයක් ලැබීම ය.සමාජයෙන් මුලුමනින් පිටු දැකිය යුතු අපරාධ මුල් කොට මාධ්‍ය මගින් එබඳු විචිත්‍රාංග මුල් කොට තළු මැරීමක් සිදුවීමත් සමඟ සාමාන්‍ය ජන සමාජය තුළ අපරාධ සම්බන්ධ සියුම් මානසික සම්බන්ධතාවයක් ගොඩනැගීම වැලැක්විය නොහැක. එසේ අපරාධ සම්බන්ධ සමීපස්ථ ආකල්ප ජන සමාජය තුළ පැතිර යාම මගින් අපරාධ සම්බන්ධයෙන් ජන මනැස තුළ පවත්නා බිය සැක පදනම් කරගත් පසු බෑම ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වීම වැලකිය නොහැක. ඒ සම්බන්ධයෙන් හංගේරියානු ජාතික ඇමරිකානු මහාචාර්ය ජෝර්ජ් ගර්බ්නර් විසින් 1960 ගණන් වලදී සමාජය කෙරෙහි රූපවාහිනියේ බලපෑම විශ්ලේෂණය කිරීම සඳහා හඳුන්වා දෙන ලද වගා න්‍යාය ( Cultivation theory ) ඉතා වැදගත් පර්යේෂණ යෙදවුමකි.ගර්බ්නර්ගේ සොයාගැනීම් පසුව ඇමරිකානු තිර රචක ලැරී ග්‍රෝස් විසින් පුළුල් කර වර්ධනය කරන ලදුව මේ වන විට ලෝක පිළිගැනීමට ලක් ව තිබේ.මේ අතර ජන මාධ්‍යයට අනුරූප ලෙස සමාජයීය ගමන් මඟ සැකසෙන මාධ්‍ය සංතෘප්තතාව(Media saturation )නම් සමාජමය ප්‍රපංචය මේ වන විට අප සමාජය කෙරෙන් ද දක්නට ලැබීම මත අපරාධ වාර්තාකරණයෙන් පසු අපරාධ තළු මැරීම තවත් බිහිසුණු අපරාධ දාමයක් සඳහා මංපෙත සකසනු ඒකාන්ත ය.

මානව විද්‍යා මාහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

එතෙර - මෙතෙර