අප්‍රේල් මුල මෝදි ශ්‍රී ලංකාවේ සංචාරයක

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් මස මුල් සතියේ දී ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.පසුගිය ජනවාරි මාසයේදී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වීමට නියමිත බව සඳහන් කර තිබේ.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේදී සිදු කළ ඉන්දීය සංචාරයේදී නරේන්ද්‍ර මෝදි මහතාට මෙරට සංචාරයකට එක්වන ලෙස ආරාධනා කොට ඇති අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පසුගිය දා සිය ඉන්දීය සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය වරයා හමු වී තිබේ.

කාලීන පුවත්