අපි අහන්නෙ රට හදන්න කියලා ණයට ගත්තු සල්ලි වලට මොකද වුණේ කියලයි

රට සංවර්ධනය කරන්න රටින් ණය ගන්න එක කවුරුත් දන්න සාමාන්‍ය දෙයක්නෙ.රට සංවර්ධනය කරන්න කියල පිට රටින් ණය ගත්ත නං දැං ගෙවන්න ඕන. ඩොලර්, ඒ වගේම ඒ ගත්ත ණය වල වත්කම් තියෙන්නත් ඕන රටේ. ඔබ බැංකුවෙන් ගන්නවා රුපියල් ලක්‍ෂයක් ගෙයක් හදන්න. දහ දාහක් යනවා ෆවුන්ඩේෂන් එකක් දාන්න.

එහෙනං දහදාහක ෆවුන්ඩේෂන් එකක් තියෙනවා. බිත්ති ටික බඳින්න තව දහදාහක් යනවා. ඒ දහ දාහත් බිත්තිය තුළ අන්තර්ගතයි. ඒ වත්කම තියෙනව. ඔය විදිහට රුපියල් ලක්‍ෂයෙන් ඔබ ගේ හැදුව නං ඕන වෙලාවට ඒ ගේ ලක්‍ෂයකට මනින්න පුළුවන්ද? පුළුවන්. තව කාලයක් යනකොට ලක්‍ෂයකටත් වඩා වැඩිවෙනව. ඔබ ණයක් අරන් ඉඩමක් ගත්ත නං ඒ ඉඩම තුළත් මේ වත්කම තියෙනව. කාලයක් ගත වෙන කොට ඒව තව වටිනාකම වැඩියි.

අද ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නය මොකක්ද? පිට රටින් ගත්ත ණය වල වත්කම් පෙන්නන්න බෑ,පාලකයන්ට. ඒවා සම්බන්ධ වග කියන ගණනය කරලා රටට ඉදිරිපත් කරන කෙනා තමයි විගණකාධිපති. එයා කියනව “ගත්ත ණය වල වත්කම් රට තුළ නැත” කියලා. රජයේ ප්‍රධාන විගණනය ගණන් හදන කෙනා ගිණුම් ඒවා ගණන් හදල පරීක්‍ෂා කරන කෙනා කියනව එහෙම එකක් නෑ රට ඇතුලේ.ඒත්, අපි මුළු ගාණම ගෙවන්න ඕන. රටක් විදිහට ගෙවන්න ඕන. නමුත් වත්කම් නෑ. එහෙනම් ඒ ණය වලට මොනව ද වුණේ. අපෙන් දඩ ගහන්න සල්ලි ගත්ත.

බදු ගහන්න සල්ලි ගත්ත. තව තව දේවල් වලට ගත්ත. මං කිව්ව ඒ ටිකත් එකතු වුණා.ණය ගත්ත ඒකත් එකතු වුණා. හැබැයි ගත්ත ණය වල වත්කම් නෑ. අපි දීපු රුපියල් වල අපි දීපු බදු ටිකත් භාණ්ඩාගාරෙ නෑ. කවුද වග කියන්න ඕන. ඒවට ශ්‍රී ලංකා ද ජේ.වී.පී. ද යූ.එන්.පී. ද කතා වැඩක් නෑ, භාණ්ඩාගාරෙ වැඩ ටික කරගන්න නං අපි සාමාජික මුදල ගෙව්වෙ.අපිට ඒවා පේන්න තියෙන්න ඕනෙ.අපි ගමේ මරණාධාර සමිතියක් ගැන හිතමු. මළ ගේ වුණාට පස්සේ කියන්න බෑ මේ පාර මළ ගෙදරට කන්න දෙන්න බෑ කියල.

එහෙනං මොනව හරි වෙලා තියෙනව. එක්කො භාණ්ඩාගාරික ගහල.එක්කො භාණ්ඩාගාරිකයි, සභාපතියි, ලේකමුයි, කාරක සභාවයි එකතු වෙලා වැඩේ දීල.රටට මොකද වෙලා තියෙන්නෙ එකතු වෙලා වැඩේ දීල; දැන් ඕන තරම් ඔප්පු වෙලත් තියෙනව. සජිත් ප්‍රේමදාසල කියනව මුං කෑව කියල. මුං කියනව සජිත්ල කෑව කියල.

අපි නම් දන්නව නම් දෙගොල්ලොම කෑව කියල. ඒක අපි දන්නව. අපි මේක ඇති තරම් කියනවනෙ. එහෙනම් ලංකාවෙ මේ රට හදන්න විසඳුම පළවෙනි දේ තමයි අර මරණාධාර සමිතියෙ කණ්ඩායම මාරු කරල භාණ්ඩාගාරය රකින්න පුළුවන් පාලකයො කණ්ඩායමක් පත් කිරීම,ඒක කළ යුතුමයි. අපි ජාතික ජන බලවේගය දෙන පළවෙනි පොරොන්දුව තමයි අන්න ඒක.

මොකද්ද? හොරකම, වංචාව, දූෂණය නොමැති පාලනයක් අපි මේ රටේ ජනතාවට ලංකාවෙ ප්‍රථම වතාවට දෙනව කියන ඒක.ඒකට අමුතුවෙන් දෙයක් කරන්න ඕනෙ නෑ.හොරකම් නොනක ඉන්න එක විතරමයි කරන්න ඕඅ.අනික ඒක කරන්න පුළුවන් අපිට විතරමයි.අපි දැනුත් පක්ෂ‍ය ඇතුළෙ කරන්නෙ ඒ ටිකමනේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත

එතෙර - මෙතෙර