පවතින නියඟය හේතුවෙන් ජාතික වනෝද්‍යානවල නිර්මාණය කර ඇති ජලාශ සිඳීයෑම වළක්වා ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අවශ්‍ය ජල සැපයුම අඛණ්ඩව සිදු කරන බවත් ඒ සඳහා බාහිර පාර්ශවයන් ගෙන් කිසිදු සහයෝගයක් අවශ්‍ය නොවන බවත් වන ජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.ජාතික වනෝද්‍යාන තුළ ඇති ස්වභාවික ජලාශවලට එලෙස ජලය සැපයුම සිදු නොකරන්නේ ඉන් එම පරිසරයට හානි සිදුවිය හැකි බැවින් යැයි ද අමාත්‍යවරිය සඳහන් කරයි. වියළි කලාපය ඇතුළු වනෝද්‍යානවල ජීවත්වන වන සතුන් එම පරිසරයට අනුව හැඩගැසී ඇති නිසා ඔහුන්ගේ වියළි කාලගුණයට ඔරොත්තුදීමේ හැකියාවක් ද පවතින බව සත්ව විද්‍යාඥයන් සඳහන් කර ඇති බවත් එම පරිසරය කෘත්‍රිමව වෙනස් කළ හොත් ඔවුන්ගේ ජීවන රටාවට හානි සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇති බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.එහෙත් ඒ සම්බන්ධයෙන් සත්ව හිමිකම් සහ පරිසර සංවිධාන නියෝජිතයන් සඳහන් කරනුයේ ඉතා සංවේදී පාරිසරික අර්බුදයක් සම්බන්ධයෙන් අමාත්‍ය වරිය පදනම් විරහිත හා වගකීම් වලින් තොර ප්‍රකාශයක් කොට ඇති බවත් එය සෞඛ්‍ය අමාත්‍ය වරිය වශයෙන් කොවිඩ් සමයේ ඇය කළ කී දේ නැවත සිහි ගන්වන්නක් බව ය.මේ අතර සමස්ත ලංකා නව ජීවී නියාමක නිලධාරීන් ගේ සංගමය ප්‍රකාශ කොට ඇත්තේ ද පවත්නා දැඩි නියඟය හමුවේ ජාතික වනෝද්‍යාන වල හිඳින සතුන් සඳහා ප්‍රමාණවත් අයුරින් ජලය සැපයීමට අවශ්‍ය සම්පත් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවකි.