සැත්කම් කල් දමන බවට මාධ්‍ය මඟින් ගෙන යන ප්‍රචාරය අතිශයෝක්තියක් බවත් කිසිම අත්‍යවශ්‍ය සැත්කමක් ආවාට ගියාට කල් දමා නැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බවත් සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි. යම් කල් දැමීමක් කළ හැකි සැත්කම් පමණක් වෛද්‍ය අංශ සමඟ සාකච්ඡා කර වෛද්‍ය අනුමැතියට යටත් ව කෙටි කාලයකට කල් දමා ඇති බවත් විවිධ හේතූන් මත වෛද්‍ය අංශ ද එවැනි රෝගියාගේ ජීවිතයට බලපෑමක් නොවන සැත්කම් කල් දමන බව රඹුක්වැල්ල මහතා පවසයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරගෙන ගිය ‘හුස්ම‘ වැඩසටහනෙන් ඉහළ සහයෝගයක් ලැබුණ බව පැවැසූ ඇමැතිවරයා පසුගිය කාලයේ පැවැති ඖෂධ හිඟය ද මේ වන විට බොහෝ දුරට අවප්‍රමාණ වී ඇතැයි ද එමෙන්ම ඉදිරි කෙටි කාලය තුළ එම ඖෂධ හිඟය මුළුමනින්ම මඟ හැරෙනු ඇතැයි ද ඇමති වරයා කියයි.