ලබන වසරේ මුල් කාල සීමාවේදී අපොස උසස් පෙළ විභාගය පවත්වන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. උද්ගත වී ඇති තත්ත්වය හමුවේ විෂය ආවරණය කර සිසු දරුවන්ට ඒ සදහා සූදානම් වීමට කාලය ලබා දී විභාගය පවත්වන බව හෙතෙම පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී අද නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. කොවිඩ් තත්ත්වය හමුවේ වුවද කිසිවිටෙක විශ්ව විද්‍යාල ප්‍රවේශයෙහි ප්‍රමිතිය වෙනස් කළ නොහැකි බව රාජ්‍ය ඇමතිවරයා පැවසීය. ඔක්තෝබර් 21 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කෙරේ. නොවැම්බර් මුල සිට පාසල් වල සියලුම ශ්‍රේණි ආරම්භ කිරීමට නියමිත බව ඔහු කීවේය. එමෙන්ම පළාත් මට්ටමින් පාසල් විවෘත වු කාලසීමාවේදී විෂය මාලා ආවරණය වූයේදැයි තක්සේරුවක් සිදු කරන බව ද ප්‍රේමජයන්ත මහතා පැවසීය.