අපොස උසස් පෙළ හෙට සිට

 හෙට(07) ඇරඹෙන අපොස උසස් පෙල විභාගය සඳහා සියලු කටයුතු සුදානම් බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩි ධර්මසේන මහතා කියයි. දිවයින පුරා මධ්‍යස්ථාන 2437 කදි විභාගය පැවැත්වෙයි. එය මාර්තු මස 5 වැනිදා තෙක් පැවැත්වෙනු ඇත. විභාගය ආරම්භවීමට නියමිත වේලාවට කලින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි. හැදුනුම්පත හා විභාග ප්‍රවේශ පත්‍රය රැගෙන යාම අනවාර්යය වන අතර ඒ හැර වෙනත් කිසිදු උපකරණයක් විභාග ශාලා පරිශ්‍රයට ගෙන ඒම වරදකි.මේ අතර උසස් පෙල විභාගයට පෙනී සිටින දරුවන් සදහා ප්‍රවාහන පහසුකම් සපයා ඇතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියයි. ඒ අනුව විභාගය ආරම්භ වන සහ අවසන් වන වේලාවන් වලදි විශේෂ බස්රථ ධාවන සැලැස්මක් ක්‍රියාත්මක බව ද පැවසෙයි.

කාලීන පුවත්