අපොස සාමාන්‍ය පෙළ අද සිට

අපොස සාමාන්‍ය පෙළ අද සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (23) ආරම්භ වෙයි.විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කරනුයේ අද සිට ජුනි මස 01 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බවයි.මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් සහ බාහිර අයදුම්කරුවන් 517,469 දෙනෙකු පෙනී සිටිමීට නියමිත අතර ඒ සඳහා විභාග මධ්‍යස්ථාන 3,844 ක් සූදානම් කර ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අතර විභාගය සඳහා මුහුණ දෙන සිසුන්ට උපදෙස් කිහිපයක් ද විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් කල්වේලා ඇතිව විභාග ශාලාව වෙත පැමිණිය යුතු වීම,.විභාග ප්‍රවේශ පත්‍රය , ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණිය යුතු වීම,ඒඋපදෙස් වන අතර ඉන්ධන නිකුත් කිරීමේදී විභාග කාර්ය මණ්ඩල සහ විභාග ප්‍රවේශ පත්‍රය සමඟ පැමිණෙන සිසුන්ගේ දෙමව්පියන්ට ප්‍රමුඛතාව ලබා දීම සහ විභාගය සඳහා ඉදිරිපත් වන දරුවන්ට බාධා වන අයුරින් මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණය කිරීමෙන් වැළකීම යන කරුණු පිළිබඳව ද සැළකිලිමත් වන ලෙස විභාග කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

කාලීන පුවත්