අප රටේ වෙරළ තීර 28 ක් ‘නිල්ධජ වෙරළ තීර’ බවට;මොකක්ද මේ කතාව?

ලොව පුරා සංචාරකයන් අතර අතිශය ජනප්‍රිය අප රටේ වෙරළ තීර 28 ක් ‘නිල්ධජ වෙරළ තීර’ (Blue Flag beach) බවට පත් කිරීමට සැලසුමක් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා සිටියේය. මේ වෙරළ තීර 28 අතරින් මුලින්ම උණවටුන, බෙන්තොට, පාසිකුඩා හා ආරුගම්බේ යන වෙරළ තීර 4 නිල්ධජ වෙරළ තීර බවට පත් කිරීමට නියමිතව ඇතැයි පැවසේ. සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් මත මේ වෙරළ තීර තෝරා ගෙන තිබේ. ආරුගම්බේ හා පාසිකුඩා වෙරළ තීරවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සංචාරක අමාත්‍යංශය විසින් මේ වන විටත් රුපියල් මිලියන 32 ක් වෙන් කොට ඇතැයි පැවසේ. මේ වසර අවසානයේ පාසිකුඩා වෙරළ තීරය නිල් ධජ වෙරළ තීරයක් බවට පත් කරන්නට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.

නිල් ධජ වෙරළ තීරයක් යන්න අප රටේ බොහෝ දෙනෙකුට නව අත්දැකීමකි. මෙහි නිල් යනු අසැබි ක්‍රියාවන් සඳහා වෙන් කරන ලද වෙරළ තීර යැයි ඇතැමෙක් වරදවා වටහා ගන්නට ඉඩ තිබේ. සංචාරක ව්‍යාපාරය සමග එවැනි අසැබි, අශීලාචාර කටයුතු නීති ගත කළ යුතු යැයි අනීතිකව පාර්ලිමේන්තුවේ සිටිමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරය ද දැරූ ඩයනා ගමගේ දිගින් දිගටම පවසන්නට වූ බැවින් මෙවැනි වදනක් ඇසෙත්ම බොහෝ දෙනෙකුට එවැනි හැඟීමක් ඇති වූයේ නම එහි පුදුමයක් ද නැත.

නිල් ධජ ලාංඡනය

පාරිසරික අධ්‍යාපනය සඳහා වූ පදනම අදාළ වෙරළ තීරය ඔවුන්ගේ නිර්ණායකවලට යටත්ව එය පවත්වාගෙන යනවාදැයි සොයා බලයි. එම නිර්ණායකවලට අනුව එකී වෙරළ තීරය පවතී නම් එම සංවිධානය විසින් එය නිල් ධජ වෙරළක් බවට පත් කරයි. එම ලාංජනය ද වෙරළ තීරයේ ප්‍රදර්ශනය වීමෙන් එම වෙරළ කරා සංචාරක ආකර්ෂණය නිතැතින්ම ඇති කර ගත හැකිය.

නිල් ධජ වෙරළ තීරයක් යනු ‘පාරිසරික අධ්‍යාපනය සඳහා වූ පදනම’ (Foundation for Environmental Education – FEE) නම් ලාබ නොලබන, රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධානය විසින් පරිසර හිතකාමී වෙරළ තීරයක් යැයි නිර්දේශ කරනු ලබන ස්ථානයකි. මෙයට සංවිධාන 65 ක් අයත් වන එහි සාමාජිකත්වය ගත් රටවල් මේ වන විට 77 ක් පවතී. ඉහළ ගුණත්වය, ආරක්ෂාව, පාරිසරික අධ්‍යාපනය ලබා ගත හැකි ලෙස පවත්වාගෙන යන වෙරළ තීරයක් මේ නමින් හඳුන්වනු ලබයි. ලොව පුරා සංචාරකයන් වෙරළ තීරයක් තෝරා ගැනීමේ දී එය නිල් ධජ වෙරළක් ද යන්න විශේෂයෙන් සොය බලයි. පාරිසරික අධ්‍යාපනය සඳහා වූ පදනම අදාළ වෙරළ තීරය ඔවුන්ගේ නිර්ණායකවලට යටත්ව එය පවත්වාගෙන යනවාදැයි සොයා බලයි. එම නිර්ණායකවලට අනුව එකී වෙරළ තීරය පවතී නම් එම සංවිධානය විසින් එය නිල් ධජ වෙරළක් බවට පත් කරයි. එම ලාංජනය ද වෙරළ තීරයේ ප්‍රදර්ශනය වීමෙන් එම වෙරළ කරා සංචාරක ආකර්ෂණය නිතැතින්ම ඇති කර ගත හැකිය. වාර්ෂිකව මේ සඳහා සම්මාන පිරිනැමීම ද සිදු වේ. ලොව මුල්ම නිල් ධජ වෙරළ තීරය ඇති කරන ලද්දේ 1985 වසරේ ප්‍රංශයේදී ය.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන වෙරළ තීරවල මෙසේ එම ධජය ප්‍රදර්ශනය කෙරේ.

නිල් ධජ වෙරළක් ඇති කිරීමේ දී එයට අදාළ නිර්ණායක සපුරාලීමෙන් ලද හැකි වාසි කිහිපයක්ම සඳහන් කළ හැකිය. මෙහිදී එම වෙරළ කලාපවල පරිසරය ආරක්ෂා කිරීම, සංචාරකයන් සඳහා ප්‍රමාණවත් පහසුකම් සැලසීම, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ අදාළ කලාපයේ ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ හැකියාව ආදිය සඳහන් කළ හැකිය.

මේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීම පවා සතුටට හේතුවන කාරණයකි. ගණිකා වෘත්තිය, සූදු කෙළිය, මත්පැන් හල් වැනි දුරාචාර සංස්කෘතියක් ඇති කිරීමෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගත හැකිය යනුවෙන් ඩයනා ගමගේ ඉදිරිපත් කළ දුරාචාර සංස්කෘතියක් ඇති කරනවාට මෙවැන්නක් අප රට තුළ සාර්ථක වන්නේ නම් එය රටේ අනාගතය වෙනුවෙන් ගන්නා යහපත් පියවරක් වනු ඇත. කෙසේ නමුත් අප රටේ දේශපාලනඥයන්ගේ වැඩකටයුතු පිළිබඳ අතීතයේ සිට අද දක්වා සැලකිල්ලට ගෙන බැලුවහොත් මෙවැනි ව්‍යාපෘති කෙතරම් සාර්ථක වේද යන සැකය අප සිත් තුළ පැන නගී.

වෙරළ කලාපයට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනක් වන නිල් ධජ වෙරළ සහතික කිරීමේ වැඩසටහන ලෝකයේ සංචාරකයින් අතර ප්‍රචලිත පරිසර හිතකාමී සන්නාමයකි. නිල්ධජ සහතිකයක් ලබා දෙන්නේ ජලයේ ගුණාත්මකභාවය, පරිසර කළමනාකරණය, පරිසර අධ්‍යාපන තොරතුරු හා ජනතාවගේ ආරක්ෂාව යන ප්‍රධාන අංග හතර යටතේ වූ නිර්ණායක 32 ක් සපුරාලීම මගිනි.

අප අසල්වැසි ඉන්දියාවේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන වෙරළ තීර ගණනාවකි.

මේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීම පවා සතුටට හේතුවන කාරණයකි. ගණිකා වෘත්තිය, සූදු කෙළිය, මත්පැන් හල් වැනි දුරාචාර සංස්කෘතියක් ඇති කිරීමෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගත හැකිය යනුවෙන් ඩයනා ගමගේ ඉදිරිපත් කළ දුරාචාර සංස්කෘතියක් ඇති කරනවාට මෙවැන්නක් අප රට තුළ සාර්ථක වන්නේ නම් එය රටේ අනාගතය වෙනුවෙන් ගන්නා යහපත් පියවරක් වනු ඇත. කෙසේ නමුත් අප රටේ දේශපාලනඥයන්ගේ වැඩකටයුතු පිළිබඳ අතීතයේ සිට අද දක්වා සැලකිල්ලට ගෙන බැලුවහොත් මෙවැනි ව්‍යාපෘති කෙතරම් සාර්ථක වේද යන සැකය අප සිත් තුළ පැන නගී. අප රටේ මෙතෙක් ක්‍රියාත්මක වූ කෙතරම් හොඳ ව්‍යාපෘතියක් වුව ද ඒවායෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට තිබූ හැකියාව ඉතා අල්පය. බොහෝ යහපත් ව්‍යාපෘති දේශපාලනඥයින් සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි ආකල්ප නිසා එක්කෝ අපට අහිමිව ගියේය. එක්කෝ අසාර්ථක විය. එවැනි තත්ත්වයක් තුළ නිල් ධජ ව්‍යාපෘතිය ද අප රට තුළ කෙතරම් දුරකට සාර්ථක වේදැයි පැවසිය නොහැකිය.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන වෙරළ තීරවල මෙසේ එම ධජය ප්‍රදර්ශනය කෙරේ.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර