අම්පාරේ ලොක්කාට “ලෙඩක් අදින්නට” මාන බැලුවෙමි – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

අම්පාරේ සුප්‍රකට චරිතයක් වන හිටපු අමාත්‍ය පී දයාරත්න මැතිතුමා ගැන රූපවාහිනී පුවත්පත් කියවීමේ දී කතා කරනු ඇසුවෙමි.ඒ එතුමා භාරයේ තිබූ රජයේ නිල නිවසක් වසර 46 කට පසුව ආපසු භාරදීම පිළිබඳව ය.පත්තරේ තිබුණේ ඒ රජයේ නිල නිවස ආපසු භාර දීම ගැන ය.එසේ වුණත් කියවන අය නම් සුපුරුදු පරිදි තවත් ආරළු බූරළු එක් කොට බොහෝ දේ කියවන බවක් ඇසිණි.එමඟින් ඔහු අනියමින් හෙළි කොට තිබුණේ තම අල ගෙඩි මොළ ගෙඩිය පිළිබඳ තොරතුරු මිස ඒ නිල නිවස ගැන තතු නොවේ. එහෙත්, මේ නිල නිවස ගැන මටත් කීමට විශේෂ දෙයක් තිබේ.මෙය මගේ මතකයේ පවතින්නේ ඒ ගැන අවුරුදු තිහකට පමණ පෙර පූර්ණ සොයා බැලීමක් මා පෞද්ගලිකවම කළ නිසා ය.

ටික දිනකින් අප සහ දයාරත්න මැතිතුමා අතර බරපතල ගැටුමක් ඇති විය..ඒ අනුව දයාරත්න මහතා අපේ රාජකාරිවල වැරදි අඩුපාඩු සොයන්නට වූ අතර අපි ද ඊට ප්‍රතිචාර හෙවත් “ගේමට ගේමක් “ලෙස ඔහුගේ කටයුතු වල අඩුපාඩු සොයන්නට වීමු. මේ කාලයේ මට ඇති වූ බලවත් සැකයක් වූයේ අම්පාර දිසා ඇමතිවරයා ලෙස පී දයාරත්න මහතා පදිංචිව සිටි නිල නිවස ඔහු සාමාන්‍ය මන්ත්‍රී වරයෙකු වූ පසුත් භාවිතා කරන්නේ කෙසේද? යන්න ය.මේ තුරුම්පුව යොදා ගනිමින් එතුමා සිය නිල නිවාසයෙන් දොට්ට දැමීමට ඇති හැකියාව සොයා බැලීමට මම කාර්යාලයේ ලිපිගොනු පිරික්සුවෙමි.

ඒ 1995,දී ය මම එකල අම්පාරේ නගරය අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් වරයා ලෙස කටයුතු කරමින් සිටියෙමි.රජයේ නිල නිවාස පරිපාලනය භාරව සිටි රාජ්‍ය නිලධාරියා වූයේ ද මා ය.පී දයාරත්න මැතිතුමා ඒ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රී වරයෙකි.නගරයේ රාජකාරී කටයුතුවල දී විපක්ෂ මන්ත්‍රී වරයෙකු වූ එතුමා ආණ්ඩුවට එල්ල කල විවේචන වලට රාජ්‍ය නිලධාරීන් ලෙස උත්තර දෙන්නට වුණේ අපට ය.එවක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය රිචඩ් පෙරේරා, තැපැල් අධිකාරි ලියණපතිරණ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ අධිකාරී වීරවර්ණ ,හා ප්‍රාදේශීය ලේකම් සුනිල් කන්නන්ගර යන හතර දෙනා ප්‍රකටව සිටියේ එවක පැවති එජාප ආණ්ඩුවේ විරුද්ධවාදීන් ලෙසට ය.ඒ අම්පාරේ නගර සභාව ප්‍රමුඛ නගරයේ බලය තිබූ ආයතන එජාප පාලනයේ තිබීම මත නව ආණ්ඩුව සමඟ ඒ ආයතන ඇති කරගත් ගැටුමට මැදිවන්නට අපට සිදු වූ නිසා ය. ඒ නිසා විපක්ෂයේ අම්පාරේ “ලොක්කා” වූ දයාරත්න මහතා අපේ රාජකාරි ගැන යම්‍ යම් ප්‍රශ්න රැස්වීම්වල දී මතු කිරීමට පටන්ගත්තේ ය.ඒවා අපට කරන කෙනෙහිලිකම් හා ලෙඩ ඇදීම් වශයෙන් පෙණුණු නිසා අපි ද ඔහුට පිළිතුරු දීමට පටන් ගත්තෙමු. ටික දිනකින් අප සහ දයාරත්න මැතිතුමා අතර බරපතල ගැටුමක් ඇති විය..ඒ අනුව දයාරත්න මහතා අපේ රාජකාරිවල වැරදි අඩුපාඩු සොයන්නට වූ අතර අපි ද ඊට ප්‍රතිචාර හෙවත් “ගේමට ගේමක් “ලෙස ඔහුගේ කටයුතු වල අඩුපාඩු සොයන්නට වීමු. මේ කාලයේ මට ඇති වූ බලවත් සැකයක් වූයේ අම්පාර දිසා ඇමතිවරයා ලෙස පී දයාරත්න මහතා පදිංචිව සිටි නිල නිවස ඔහු සාමාන්‍ය මන්ත්‍රී වරයෙකු වූ පසුත් භාවිතා කරන්නේ කෙසේද? යන්න ය.මේ තුරුම්පුව යොදා ගනිමින් එතුමා සිය නිල නිවාසයෙන් දොට්ට දැමීමට ඇති හැකියාව සොයා බැලීමට මම කාර්යාලයේ ලිපිගොනු පිරික්සුවෙමි.

හිටපු අමාත්‍ය පී දයාරත්න මැතිතුමා භවිතා කළ නිල නිවස

ඇමතිවරයෙකු ලෙස වෙන්කර ගත් නිවෙස මන්ත්‍රීවරයෙකුට පාවිච්චි කිරීම නීත්‍යානුකූල නොවේ ය යන පූර්ව නිගමනය ඇතිව ලිපිගොනු පරීක්ෂා කිරීමේදී මේ රජයේ නිවස පී දයාරත්න මැතිතුමාගේ පදිංචියට වෙන්කර දුන් ලිපිය මට සොයා ගත හැකි විය.ඒ වෙන් කිරීම කර ඇත්තේ 1977/9/1 දිනැතිව පාර්ලිමේන්තු මන්ත්‍රී පී.දයාරත්න නමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ඩී බී අයි පී එස් සිරිවර්ධන මහතා ය.එහෙත්, මා සිතා සිටි පරිදි මේ නිවස අමාත්‍ය වරයෙකුගේ නිල නිවසක් ලෙස වෙන්කර තිබුණේ නැත.එසේම මේ නිවස වෙන්කර දුන්නේ කොපමණ කාලයකටද? යන්නත් එහි සටහන්ව නොතිබුණි .එමෙන්ම මන්ත්‍රී ධුරය දරණ තෙක් නිල නිවස භාවිතා කිරීමට ඔහුට නීතිමය බාධාවක් ද නොතිබුණි.ඊළඟට මා සොයා බැලුවේ රජයට ගෙවිය යුතු නිවාස කුලිය නියමිත පරිදි ගෙවා ඇතිදැයි කියා ය.ඔහු එම කුලියත් කිසිදු හිඟයක් නොවන්නට ගෙවා තිබුණි. ඒළඟට දයාරත්න මැතිතුමා විදුලි බල අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ නිසා විදුලි බිල නම් ගෙවා නැතැයි මට සිතිණ.ඒ අනුව මම විදුලිබල මණ්ඩලයට ලිපියක් යවා බී 8,රජයේ නිවසේ විදුලි ගාස්තු ගෙවීමේ විස්තර ගෙන්වා ගත්තෙමි.ගැමියකු වන මට “අප්පට සිරි ගජ”යන්න ක්ෂණිකව සිහිගන්වමින් එහි සඳහන් අන්දමට ඒ දක්වා විදුලිබිලේ කිසිදු හිඟයක් තිබුණේ ද නැත. සත්‍ය වශයෙන්ම එහි සුලු මුදලක අතිරික්තයක් ද විය. ඉන් අදහස් වුණේ විදුලි බල ඇමති කලයේත් පී දයාරත්න මැතිතුමා විදුලි බල මණ්ඩලයට විදුලි ගාස්තු මාසිකව අකුරටම පියවා ඇති බව ය.ජල බිලේ ද කිසි හිඟයක් තිබුණේ නැත.ඊටත් පසුව පාර්ලිමේන්තුවට ලිපියක් යවා පී දයාරත්න මැතිතුමාට මන්ත්‍රී නිල නිවසක් වෙන්කර දී ඇතිදැයි සොයා බැලුවෙමි.පි දයාරත්න මහතට මන්ත්‍රී නිල නිවසක් ලබා දී නැත. යනුවෙන් පිළිතුරු ලැබිණි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ගිය දිනයක අතිරේක ලේකම් කොටකදෙණිය මහත්මිය හමු වී ඇමති නිල නිවාස පී .දයාරත්න මැතිතුමාට ලබා දී තිබුණේදැයි සෙව්වෙමි.ඒ අංශයේ ප්‍රධානියා හෙළි කළේ කිසිදු නිල නිවසක් දයාරත්න ඇමතිවරයාට ලබා දී තිබුණේ නැත කියා ය.මේ නිල නිවාසය අරබයා එදා මා සොයා බැලීම් කළේ පී දයාරත්න මැතිතුමාට “ලෙඩක් අදින්න” මිස එතුමාට ප්‍රශංසාවක් කරන්න හෙම නොවේ ය. ඊට පසු 2006 වසර අවසානයේ අම්පාර දිසාපතිවරයා ලෙස පත් වූ මම රජයේ නිල නිවාස රාජ්‍ය නිලධාරීන් නොවන අයට වෙන්කර දීම ගැන ලද විගණන විමසුමකට අදාලව දේශපාලකයන් නමින් දිසාපති වරුන් විසින් වෙන්කර තිබූ නිල නිවාස ලාභීන්ට රජයේ නිවාස සන්‍තකය ආපසු ලබා ගැනීම් පණත යටතේ අස්කිරීමේ දැන්වීම් යැව්වෙමි. ඒ යටතේ මුල්ම නඩුව දැම්මේ එවක ආණ්ඩු බලය දරූ පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකට එරෙහිව ය. ඉවත් කිරීමේ නියෝග ලද පසු ඒ නිල නිවස රජයට භරදුන්නේ ය දෙවැනි නඩුව එවක එජාප සංවිධායක දයා ගමගේට එරෙහිව ගොනු කෙරිණ.ඔහු ඒ නඩුවට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලමින් මහාධිකරණයට ගොස් මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩුවට වාරණයක් ගත්තේය.ඒ වාරණය ලැබීමත් සමග රජයේ නීතිඥයාගේ උපදෙස් මත අනික් නඩු ගොනු කිරීම අත් හිටෙව්වෙමි. නොඑසේ නම් මතක හැටියට අමාත්‍ය අදා උල්ලා,රවුෆ් හකීම් දෙදෙනාටත් නඩු දෙකක් වැටෙන්නට නියමිතව තිබුණි.පී දයාරත්න මහතාට එරෙහිව එබඳු නඩුවක් ගොනු කිරීමට එදා මට නොහැකි වුණේ ඔහු රජයේ නිවාස බලධාරියාගේ වූ රාජ්‍ය පරිපාලන ලේකම්ගේ අවසරය මත නිල නිවසෙහි කුලිය ගෙවමින් සිටි නිසා ය .දයා ගමගේ ලබාගත් අධිකරණ වාරණ නියමය මම අම්පාර දිසාපති කමෙන් රත්නපුරයට එනතෙක්ම තිබිණි.ඉන්පසු සිදුවූ දේවල් මගේ පාලනයේ නොවීය.

අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය මැතිවරණ දිස්ත්‍රිකයක් කිරීමේදී දිගාමඩුල්ල නම් ඓතිහාසික නම යළි තැබීමට යෝජනා කළේ ද එතුමාම ය.නිරුදක කතරක් බඳු ව එකල තිබූ කච්චේරි භූමිය හරිත ගොමුවක් බවට පත් කිරීමට පැළ සිටුවීම කළේ එතුමා ය. අදටත් අම්පාර කච්චේරි බිමේ ඇති ගස් කොලන් වැඩිම ප්‍රමාණයක් සිටුවා ඇත්තේ එතුමන් ගේ දෑතිනි.මේ සියල්ල සිය මතකයේ ගොනු කර ගනිමින් එතුමන් අද නිහඬව සිටිනු පෙනෙයි.

මේ අනුව කිව යුත්තේ පී දයාරත්න මැතිතුමා පදිංචිව සිටි බී 8,දීඝ ගාමිණී මාවත, අම්පාර නිල නිවස ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් නිත්‍යානුකූලව වෙන්කර දී තිබුණු නිල නිවසක් බවයි.එතුමා එහි ජලබිල් විදුලිබිල් හා කුලීමුදල් අඛණ්ඩව ගෙවමින් ඉතාම උසස් අන්දමට එම නිවස නඩත්තු කරමින් පවත්වාගෙන ආ බවත් සඳහන් කළ යුතු ය.එසේම මැතිතුමා මන්ත්‍රී හෝ ඇමති නිල නිවසක් කොළඹින් නොගෙන සිය පෞද්ගලික නිවසේ සිට ඒ රාජකාරි වල යෙදුණු අයෙක් බව ද කිව යුතු ය එතුමන් ගේ තව එක් ගුණයක් ගැන කිව යුතුව තිබේ.එනම් එතුමා ඇමති මන්ත්‍රීකම් දරන කාලයේ නිල නිවෙසට හෝ පුද්ගලික නිවසට දුරකතන ඇමතුමක් දුන්විට පිළිතුරු දෙන්නේ ලේකම් වරුන් හෝ ගෝල බාලයින් නොව එතුමන් හෝ එම මැතිනිය යන දෙදෙනාගෙන් කෙනෙකු බව ය.මෑත වසර හත අට තුළ දුරකතනයෙන් කතා කර නැති නිසා දැන් කෙසේදැයි දන්නේ නැත. අම්පාරට සුවිසල් මෙහෙවරක් කළ එතුමන් හා උප දිසාපතිවරයෙකු හා ප්‍රාදේශීය ලේකම් වරයෙක් කාලයේ මා අතර බරපතල ලෙස ගැටුම් ඇතිවුණත් එතුමන් කිසි දිනක මා හා අමනාපයක් පෙන්වා ද නැත. මට හිරිහැරයක් හෝ බලපෑමක් කළේ ද නැත.දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අප සමග උණුසුම් හා බරපතල වාග් සංග්‍රාම වල යෙදී රැස්වීම අවසන්වී පිටත්ව යන එතුමන්ට අම්පාර කච්චේරියේ බිම් මහලේ දී අහම්බෙන් වත් මාව මුණ ගැසුනොත් කටපුරා සිනාසී වාහනයට ගොඩවී දොරවසා ගන්නවා මිස මූණ පුලුටු කර ගත්තේ ද නැත.අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය මැතිවරණ දිස්ත්‍රිකයක් කිරීමේදී දිගාමඩුල්ල නම් ඓතිහාසික නම යළි තැබීමට යෝජනා කළේ ද එතුමාම ය.නිරුදක කතරක් බඳු ව එකල තිබූ කච්චේරි භූමිය හරිත ගොමුවක් බවට පත් කිරීමට පැළ සිටුවීම කළේ එතුමා ය. අදටත් අම්පාර කච්චේරි බිමේ ඇති ගස් කොලන් වැඩිම ප්‍රමාණයක් සිටුවා ඇත්තේ එතුමන් ගේ දෑතිනි.මේ සියල්ල සිය මතකයේ ගොනු කර ගනිමින් එතුමන් අද නිහඬව සිටිනු පෙනෙයි.
නමුත් මේවා දන්නේ අප කීප දෙනෙකි. පී දයාරත්න නම් දේශපාලකයා සැසඳිය යුත්තේ අපේ ඔලුවල ඉන්නා කල්පිත පරමාදර්ශී දේශපාලන චරිතය සමඟ නොව එතුමන්ගේ සම හා පසුකාලීන දේශපාලන චරිත සමගය. ඒ සැසඳීමේදී ගුණ යහපත්කම අතින් පී දයාරත්න මැතිතුමා ඉන්නේ බොහෝ ඉදිරියෙනි.ඒ බව නිසැකවම කීමට මට පුළුවන.එමෙන්ම දේශපාලන පක්ෂ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් බෝධිසත්වයන් හා දේවදත්තයන් ලෙස වෙන් කිරීම කෙතරම් බුද්ධිමත් ද යන්න යළි සිතා බැලීමට පී දයාරත්න මැතිතුමා පිළිබඳ මේ සටහනින් සුළු හෝ දායකත්වයක් ලැබෙනු ඇතැයි මම සිතමි.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර