අයථා ලෙස මුදල් ඉපැයීම සම්බන්ධ පුළුල් සමාජ කතිකාවක් මේ වන විට දියත් වී තිබේ. ඒ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන් ගේ සංවිධානය විසින් එළි දක්වන ලද පැන්ඩෝරා පති‍්‍රකා නම් ගවේෂණාත්මක ලේඛන වල අයථා ලෙස මුදල් ඉපැයූ ධන කුවේරයන් ගේ නම් අතරේ ශී‍්‍ර ලාංකේය දේශපාලන පරපුරකට අයත් තැනැත්තියක ගේ සහ ඇගේ සැමියා ගේ නම සඳහන්ව ඇති බැවිනි.
අයථා ලෙස මුදල් ඉපැයීමේ කි‍්‍රයාවලිය හා වක‍්‍රව සේම සෘජුව සම්බන්ධ වන තවත් කි‍්‍රයාවලියක් තිබේ. ඒ නොවිධිමත් ආදායම්කරණයයි. අයථා ලෙස මුදල් ඉපැයීම යනු මෙම නොවිධිමත් ආදායම්කරණ යාන්ත‍්‍රණයේම කොටසකි.
මීට වසර කිහිපයකට ඉහත අපගේ හිතවත් ගවේෂණාත්මක මාධ්‍යවේදියකු රාජ්‍ය නොවන සංවිධානයක අවශ්‍යතාව මත අගනුවර අඩු ආදායම් ලාභී නිවාස පද්ධතියක් මුල්කොට ඔවුන් ගේ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ සදාචාර පසුබිම පිළිබඳ ගවේෂණයක යෙදුණි. මගේ මතකයට අනුව විවිධ ජාති, ආගම් වලට අයත් පවුල් දෙසීයක් පමණ ඔහුගේ එම ගවේෂණයට පාදක විය. ඔවුන් ගේ එම නිවාස නාගරික අඩු ආදායම් ලාභී පැල්පත් හෙවත් කවුරුත් ව්‍යවහාර කරන අන්දමට ‘‘මුඩුක්කු’’ පෙළකි.
සති හෝ මාස කිහිපයක් එම නාගරික පැල්පත් වාසීන් ගේ ආර්ථික, සමාජ, සංස්කෘතික සහ සදාචාර රටාව සම්බන්ධයෙන් විමර්ශණාත්මක අධ්‍යයනයක් කළ එම මාධ්‍යවේදියා පසුව මා හා කළේ මෙවැනි විස්තරයකි.
‘‘ඒ හුඟක් මිනිස්සු අඩු ආදායම් ලාභීන් කියලා හඳුන්වන එකම වැරදියි. මොකද ස්ථිර ආදායම් මාර්ගයක් නැතත් ඒ මිනිස්සු මොන මොනවා හරි කරලා දවසකට හොයන සල්ලි ගාණ මධ්‍යම පාන්තික ආදායම් මට්ටමේ ම තියනවා. සමහරු උදේ පාන්දර මාළු කඬේට ගිහින් ඒකේ වැඩ කරලා සැලකිය යුතු ගාණක් අරගෙන ගෙදර එනවා. ඊට පස්සේ ගෙදර තියන තී‍්‍රවීලර් එක අරගෙන හයර් යනවා ඒ වගේම ඒකෙන් තව එක එක කොන්තරත් කරනවා; ඒ වගේම සමහරු බඩු උගස් අරන් සල්ලි පොලියට දෙනවා. තවත් සමහරු කුඩු බිස්නස් එකටත් සම්බන්ධයි; ඔය අතරේ තවත් කොටසක් පේව්මන්ට් බිස්නස් කරනවා.සමහරු තැරව් කාරයෝ.ඔය අතරේ පොකට් ගහන අයත් ඉන්නවා. නමුත් ඒ අතරේ ගෙවල් වලම පපඩම්, හඳුන්කූරු වගේ දේවල් හදන අයත් ඉන්නවා. රජයේ වගේම පෞද්ගලික ආයතනවල කම්කරු රස්සාවල් කරන අයත් ඉන්නවා. නමුත් පොදුවේ ගත්තම ඒ හැම කෙනෙකුටම වගේ ආදායම් මාර්ග එකකට වඩා තියනවා; සමහරුන්ට ආදායම් මාර්ග හතර පහ තියනවා; නමුත් ඒ මිනිස්සු තමන් ගේ ඒ හැම ආදායම් මාර්ගයක්ම හෙළි කරන්නේ වත් වගකිව යුතු අංශ ඒවා හොයන්නේ වත් නෑ අන්න එතැනයි ප‍්‍රශ්නේ’’.
මගේ හිතවත් මාධ්‍යවේදියා කී අන්දමට අඩු ආදායම් ලාභීන් වශයෙන් හැඳින්වීමට ලක්වන එම ජනතාව ගේ ඒක පුද්ගල ආදායම ගුරු, ලිපිකරු ආදී මධ්‍ය පරිමාන වැටුප් ලබන්නවුන් ගේ සහ සුළුපරිමාන ව්‍යාපාර සහ කර්මාන්ත කරන්නවුන් ගේ ආදායම ද ඉක්මවා සිටියි. එහෙත් ඔවුන් ගේ එම ආදායම් මාර්ග විවෘත නොවීම මත අදත් සමාජය සේම සමාජ විද්‍යා විෂය පථයේ දී ද ඔවුන් “නාගරික අඩු ආදායම් ලාභීන්”ලෙස හඳුන්වනු ලැබේ.
මෙහිදී අපගේ මතකයට නැංවෙනුයේ ලෝකයේ ලොකුම නාගරික පැල්පත් කලාපයක් ලෙස හැඳින්වෙන ඉන්දියාවේ මුම්බායි හි ධරාවී ප‍්‍රදේශයයි. ලොව ජීවත් වන නගර වැසියන් අතුරින් අතිශය දුක්ඛිත ජීවිත ගත කරන්නවුන් බව පෙනෙන ධරාවී නාගරික පැල්පත් වාසීන් සම්බන්ධයෙන් ඉන්දීය සමාජ විද්‍යාඥයන් විසින් කරනු ලැබූ අධ්‍යයනයන් කිහිපයකින්ම සනාථ වී ඇත්තේ ඔවුන් ගේ සමාජ, සංස්කෘතික සන්දර්භයේ ඇති පරිහානි ලක්ෂණ ආර්ථිකයේ නොමැති බව ය. පාරම්පරිකව නොවිධිමත් ආදායම් මාර්ග කෙරෙහි යොමු වී සිටින ඔවුන් අද වන විට ඒවා කාලානුරූප ලෙස නවීකරණයට සහ බහුවිධකරණයට ලක් කරගෙන ඇතත් ආදායම් සහ වියදම් කළමණාකරණය අතින් ඔවුන් අතිශය අසංවිධිත බවක් පළ කරන බව එම අධ්‍යයනයන් ගෙන් සනාථ වී තිබේ. අපට මෙහි දී මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මුම්බායේ ධරාවී නිවාස කලාපය ගෙන හැර දැක්වීමට සිදුව ඇත්තේ අප රටේ නාගරික පැල්පත් කලාප ඇසුරින් ප‍්‍රමාණවත් ලෙස විධිමත් පර්යේෂණ දියත් වී නොමැති බැවිනි.
දැනට සියවසකට ආසන්න කාලයක සිට අගනුවර ආශි‍්‍රතව නොවිධිමත් ජනාවාසකරණය ව්‍යාප්ත වී ඇති අන්දම තහවුරු කෙරෙන වාර්තා කොතෙකුත් තිබේ. ඒ සඳහා ප‍්‍රධාන වශයෙන් ඉවහල් වූ සාධකය වූයේ ජීවනෝපායන් සළසා ගැනීම සම්බන්ධයෙන් ගමට වඩා නගරය තුළ වැඩි අවස්ථා ඇති බවට පැවැති ජන විශ්වාසයයි.‘‘ගමේ ඉඳන් මිනිහෙකුට හැදෙන්න බෑ ජීවිතේ දියුණුවක් දකින්න ඕනෙ නම් ටවුමට යන්න ඕනේ’’ යන පොදු ජන ආකල්පය දැනට දශක ගණනාවක් සමාජය පුරා පැතිර පවතී. ඒ අතර ඇතැම් විට බස් ගාස්තුව පමණක් රැගෙන අගනුවරට පැමිණ මුල් කාලයේ අනුන් ගේ අගු පිල්වල නිදාගෙන පසුව මහා ධන කුවේරයන් වූ පුද්ගලයන් ගේ ජීවිත කතා විමසීමේ දී එහි යම් සත්‍යතාවයක් ඇති බව හැගෙයි. එමෙන්ම ඔවුන් එලෙස ගමින් නගරයට සංක‍්‍රමණය වනුයේ ‘‘මොනවා හරි කරලා ජීවත් වෙනවා’’ යන අරමුණ පෙරදැරි කර ගනිමින් මිස නිශ්චිත සැලසුමක් මත ගොඩනංවා ගත් විධිමත් ආදායම් මාර්ගයක් අරමුණු කර ගනිමින් නොවේ. ඔවුන්ට එම මංපෙත් හමුවී ඇත්තේ අගනුවර ජීවිතය තුළදී ය.මෙසේ පිට පලාත් වලින් අගනුවරට සංක්‍රමණය වූවන් අතුරින් දකුණු පළාතේ ජනතාව වැඩි අගයක් ගනී. නමුදු එදා මෙදා තුර පැවැති මෙම නාගරිකයන් ගේ නොවිධිමත් ආදායම් රටාව වඩාත් විධිමත් සමාජ, ආර්ථික ක‍්‍රමයක් යටතේ ව්‍යුහගත විය යුතු වුවද අද සිදු වී ඇත්තේ එය නිදහසේ පුළුල් විවිධාංගීකරණයකට ලක්වීම පමණි.
මීට දශක කිහිපයක් දක්වා අප රටේ බහුතරය අයත් මධ්‍යම පන්තිය නාගරික සහ ගම්බද වශයෙන් ද ඉහළ පහළ වශයෙන් කොටස් දෙකකට දළ වශයෙන් බෙදා වෙන් කිරීමේ හැකියාවක් තිබිණ. එහෙත් මෙය හුදෙක් විද්‍යාත්මක නොවන්නේ මෙම නාගරික ගම්බද භේදය සේම ඉහළ පහළ භේදය දැක්වීම සම්බන්ධයෙන් නිශ්චිත නිර්නායක නොමැති වීම නිසා ය.
වර්තමාන සමාජය හැසිරවෙන ප‍්‍රධානතම ගාමක බලවේගයක් වන පරිභෝජන වාදය ග‍්‍රාමීය සමාජයන් තුළට වඩා නාගරික සමාජයන් තුළ සකි‍්‍රයවීමේ වැඩි නැඹුරුවක් පෙන්නුම් කරයි. නමුදු මේ වන විට ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන ප‍්‍රවාහන සහ සන්නිවේදන ජාලයන් මඟින් ගම සහ නගරය අතර පවත්නා විෂමතාවයන් පැහැදිලි ලෙස අවප‍්‍රමාණ වීමක් දක්නට ලැබේ. රූපලාවන්‍ය මධ්‍යස්ථාන, අන්තර්ජාල සහ සන්නිවේදන ආයතන සේම කායික සුවතා අභ්‍යාස ආයතන ආදී මෑතක් වන තුරු නගරයට පමණක් සීමාවූ ආයතන ව්‍යුහයන් ගම්බදට ද පැතිර යාම ඒ සම්බන්ධයෙන් දැක්විය හැකි සරල නිදසුනකි. මේ තත්ත්වය යටතේ අතීතයේ නාගරික කලාප තුළ දක්නට ලැබුණු මෙම නොවිධිමත් ආදායම්කරණ ව්‍යුහයන් දැන් ග‍්‍රාමීය ප‍්‍රදේශ දක්වා ද ව්‍යාප්ත වෙමින් පවතී. සාම්ප‍්‍රදායික කෘෂිකර්මයෙන් යැපුණු බහුතර ජනතාවක් වෙසෙන ග‍්‍රාමීය සමාජයන් තුළින් ද නව ධනෝපායන මාර්ග මුල් කරගත් නව ධනපති පන්තියක් බිහි වෙමින් තිබේ. ඔවුන් ගේ මෙම නොවිධිමත් නව ධනෝපායන මාර්ග අතරේ ස්වභාවික සම්පත් සංහාරය ඇතුළු නීති විරෝධී ක්‍රියා මුල් තැනක් ගන්නා අතර ඔවුන් බොහෝ විට එම ප‍්‍රදේශවල දේශපාලන බල කඳවුරු සාමාජිකයන් බව ද ඒ පිළිබඳව කෙරෙන විමසුම් වල දී පෙනී යයි.
මෙලෙස නොවිධිමත් ධනෝපායන මාර්ග ඔස්සේ ආදායම් ලබන සමහරකු අදටත් සමෘද්ධි සහනාධාරයට පවා හිමිකම් කියන බවත් ඒ සම්බන්ධයෙන් කෙරෙන විමසුම් වලදී ‘‘එහෙනම් අපේ ආදායම් පෙන්වන්න’’ යැයි එම පාර්ශවයන්ට අභියෝග කරන බවත් අනාවරණය වී තිබේ.
රජයේ සමස්ත බදු ආදායම් එකතුවෙන් 23%ක් පමණ ආදායම් බදු මගින් උපයා ගන්නා බවක් පැවසෙයි. එහෙත්, සමාජය තුළ මෙවන් නොවිධිමත්, අයථා ආදායම්කරණ රටා ව්‍යාප්ත වීම තුළ ඔවුන් ආදායම් බදු ජාලයට නතු කර ගැනීමට රජය අපොහොසත්ව සිටියි. මෙහි අවසන් ප‍්‍රතිඵලය වනුයේ ‘ධනවතුන් ගෙන් යුතු දුප්පත් රටක්’ නිර්මාණය වීම පමණි. ලොව අප දියුණු යැයි පවසන සෑම රටකම ඒකපුද්ගල ආදායම් ඇතුළු සකල විධ ආදායම් දත්ත අකුරටම නිවැරදි ය. ඒ අනුව ඒවායේ සම්මත බදු යාන්ත‍්‍රණය ද අතිශය විනිවිද භාවයෙන් යුතු ය. රජයේ නිරීක්ෂණයට ලක් නොවන කිසිදු ආදායමක් පුද්ගලයකු සතුව තිබීම සිරදඬුවම් ලැබිය යුතු වරදකි. එහෙත්, ඊට සාපේක්‍ෂව අප රටේ තත්ත්වය කුමක්ද? පැන්ඩෝරා පති‍්‍රකා මඟින් අනාවරණය නොවූ අයථා සහ නොවිධිමත් ලෙසින් ඉපැයූ කෙතරම් ධන සම්භාරයක් සහ එසේ අයථා ලෙස මුදල් ඉපැයූ පුද්ගලයන් කී දෙනෙක් නම් අදත් නිරුපද්‍රිතව ජීවත් වන්නේ ද? මෙතෙක් හරි හැටි හඳුනා නොගත් මෙම ජාතික වසංගතයට පිළියම් සෙවීම හෙටට කල් දැමිය යුත්තකැයි අප කෙසේවත් නොසිතන්නේ එනිසාය.
මානව විද්‍යා මහාචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර