2025 වසර සඳහා වන අයවැය අද (17) පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසිවලට බලපෑමක් ඇති නොවන අයුරින් උපරිම ජනතා සහන සැලසෙන පරිදී මෙවර අයවැය ඉදිරිපත් කෙරෙන බවයි දේශපාලන වාර්තා සඳහන් කරයි.
පසුගිය වසරේ අයවැය ලේඛණයක් ඉදිරිපත් නොවුණ පසුබිමක් තුළ මෙම අයවැය ඉදිරිපත් කිරීම විශේෂත්වයක්.
මෙම විසර්ජන පනත් කෙටුම්පත පිළිබද විවාදය හෙට ( 18) වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත.