රාජාංගණය, අංගමුව, කලාඔය, උඩවලව, තබ්බෝව සහ මුරුතවෙල යන ජලාශවල වාන් දොරටු රැසක් විවෘත කර තිබේ.
එම ජලාශ ආශ්රිත පහත්බිම්වල වෙසෙන ජනතාව සැලකිල්ලෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මී ඔය, ඌරු බොකු ඔය, උඩවලව ඔය, කලාඔය, අත්තනගලු ඔය සහ නිල්වලා ගඟ යනාදියෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසුවේය.
වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයට ඊයේ (06) පස්වරුවේ හමාගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් ගස් කඩා වැටී නිවාස 25කට හානි සිදුව තිබේ.
මේ අතර බදුල්ල, මහනුවර, රත්නපුර, හම්බන්තොට, කෑගල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම අද (07) දිනය දක්වා තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.