අය­හ­පත් කාල­ගු­ණ­යෙන් පීඩා­වට පත්වන ජන­තා­වට සහන කණ්ඩා­යම් සීරු­වෙන්

අය­හ­පත් කාල­ගු­ණය හමුවේ පීඩා­වට පත් ජන­තා­වට සහන සැල­සී­මට සහන කණ්ඩා­යම් සීරු­වෙන් තබා ඇති බව නාවික හමු­දාව අව­ධා­ර­ණය කරයි. ඒ අනුව දිව­යි­නට බලපා ඇති අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය හමුවේ පීඩා­වට පත්වන ජන­තා­වට සහන සැල­සී­මට අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ පද­විය, බුද්ධං­ගල ප්‍රදේ­ශය වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩා­යම් දෙකක් (02) ස්ථාන­ගත කිරී­මට නාවික හමු­දාව විසින් කට­යුතු කෙරුණු අතර,මේ වන විට සහන කණ්ඩා­යම් බුද්ධං­ගල ප්‍රදේ­ශයේ අධික වර්ෂා­ප­ත­නය හේතු­වෙන් ආප­දා­වට පත් ජන­තා­වට අවශ්‍ය සහන සැල­සීමේ මෙහෙ­යුම් සිදු කර­මින් පවතී.

අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය හමුවේ අධික වර්ෂා­ප­ත­නය හේතු­වෙන් පද­විය, මාඔය පිටාර ගැලීම හේතු­වෙන් ප්‍රදේ­ශයේ ඇතිවී ඇති ගංව­තුර අව­දා­නම හමුවේ පීඩා­වට පත් වන ජන­තා­වට සහන සැල­සීම සඳහා මෙලෙස නාවික හමුදා ආපදා සහන කණ්ඩා­යම් දෙකක් ජීවි­තා­ර­ක්‍ෂක උප­ක­රණ සමඟ ස්ථාන­ගත කෙරිණි. ඒ අනුව සහන කණ්ඩා­යම්, ඊයේ (19) වන විටද ජල­යෙන් යටවී ඇති පද­විය බුද්ධං­ගල මාර්ගය හරහා මහ­ජ­න­තා­වට ආර­ක්‍ෂි­තව ගමන් කිරී­මට පහ­සු­කම් සැල­සීම ඇතුළු ආපදා සහන මෙහෙ­යුම් සිදු කෙරිණි.

දිව­යි­නට බලපා ඇති අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය මත ඇති විය හැකි ගංව­තුර අව­දා­නම හමුවේ පීඩා­වට පත්වන ජන­තා­වට අවශ්‍ය සහන කඩි­න­මින් සැල­සී­මට අව­ශ්‍ය­තාව මත ස්ථාන­ගත කිරී­මට නාවික හමුදා අම­තර සහන කණ්ඩා­යම් පන­හක් (50) සූදා­න­මින් තබා ඇත.

කාලීන පුවත්