අප රට කෙරෙහි බල පෑ අයහපත් කාල සීමාව මේ වන විටත් පසු කර ඇති අතර 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. ඒ අනුව උදා වූ 2023 නැවුම් බලාපොරොත්තු සමඟින් රට වෙනුවෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්රහණයෙන් නිමාවන, සමෘද්ධිමත් ශ්රී ලංකාවකට දොරගුළු විවර වන ජයග්රාහී වසරක් වනු ඇතැයි ද ජනාධිපතිවරයා ප්රකාශ කරයි.උදා වූ නව වසර වෙනුවෙන් විශේෂ ප්රකාශයක් කරමින් ජනාධිපතිවරයා ප්රකාශ කළේ නව වසරක උදාව යනු නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලුත් කර ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් බවයි.