“අදත් ඔබට මම බණ කියන්න වගේ කියන්නේ; ඔය බල ලෝභී බව දාලා යන්න. අලුත් අවුරුද්දට අත් හැරීම කියලා කාලයකුත් තියනවානේ.ඒ අයියලා මල්ලිලා බේබිලත් එක්කම” යනුවෙන් තමන් වහන්සේගේ ෆේස් බුක් පිටුවේ සටහනක් තබන රජ රට විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයනාංශයේ මහාචාර්ය පුජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි හිමිපාණෝ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.”මෙය ලිවීම ගැන සමාවෙන්න” යනුවෙන් ඇරඹෙන උන්වහන්සේ ගේ ඒ සටහන මෙලෙසිනි.
“2009 වර්ෂයේ දී මම අරලිය ගහ මන්දිරයේ පොහෝ දින ධර්ම දේශනාව සිදු කළා. ඒ ජනාධිපතිවරයාගේ ම ආරාධනාවෙන්. යුද්ධය අවසන් වී මාස දෙකකින් පසුව කළ ධර්ම දේශනාව දවසේ මහින්ද රාජපක්ෂ මහතා මට දැනුණේ වීරයෙක් ලෙසයි. එදත් මම අනිත්‍යාව හා අත්හැරීම ගැන දේශනාව කළා. මහින්ද මහතා එදත් ඔලුව වනා වනා හිටියා. තවමත් ඔලුව වන වනා ඉන්නවා . ඇඳකට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්න අවශ්‍ය කාලේ තවත් එල්ලිලා ඉන්නවා. එය ආගම මුවාවෙන් තම බලය රැක ගන්න දරන උත්සාහයක්. අදත් ඔබට මම බණ කියන්න වගේ කියන්නේ ඔය බලලෝභී බව දාලා යන්න. අලුත් අවුරුද්දට අත්හැරීම කියලා කාලයකුත් තියනවානේ. ඒ අයියලා මල්ලිලා බේබිලත් එක්කම. මට එහෙම කියන්න පුලුවන් වන්නේ ඔබලාගේ දේශපාලනයෙන් කිසිම වර දානයක් හෝ අඩුම තරමින් ඉඬ්හ්හිකටුවක් තරම්වත් දෙයක් මම ඇරගෙන නැති නිසයි. ගත්ත අය මම සමග අමනාප නොවන්න.
අඳුර දුරු වී ආලෝකය ඉතාම ඉක්මනින් උදා වේවා!.
තෙරුන් සරණයි:
මහාචාර්ය පුජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි හිමි