තරුණයන් අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම හේතුවෙන් සියදිවි හානිකර ගැනීමේ ප්‍රවණතාවය ද වැඩි වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල මෙම තත්වය වැඩි වශයෙන් වාර්තා වන බව සඳහන් ය.අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සමඟ ඇතිවන මානසික අවපීඩනය මත හට ගන්නා දරුණු කලකිරීම් සහගත බව හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීම් ඉහළ ගොස් ඇති අතර පෙර සැලසුම් කිරීමකින් තොරව කෙටි කාලයක් තුළ ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් මෙම සියදිවි හානි කරගැනීම් සිදුකරගෙන ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.ඒ එම මත්ද්‍රව්‍ය භාවිතයෙන් තීව්ර විශාද ලක්ෂණ එක් වරම පහළ වන බැවිනි.