අය-වැයෙන් අධ්‍යාපනයට 7.51%ක් – රජයේ වියදම් බිලියන 33කින් අඩු වෙයි

ඉතිහාසයේ පළමු වතාවට අධ්‍යාපනය සඳහා සියයට 7.51ක් මෙවර අය වැයෙන් වෙන් කෙරේ.

වසර විසි පහකට අධිකට ආසන්න කාලයක් පැවති ගුරු-විදුහල්පති වැටුප් විසමතාව ඉවත් කිරීමට අයවැයෙන් අමතර රුපියල් කෝටි 3,000ක මුදලක් වෙන් කරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එම ගුරු-විදුහල්පති සංගම්වලට දැනුම් දුන් අතර, ඒ සමඟ මෙරට අධ්‍යාපනය සඳහා වැය කරන සමස්ත මුදලද සියයට 7.51ක් බවට පත් වන බවත් ඇමැතිවරයා එහිදී පැවසීය.

2022 වසරේ ආණ්ඩුවේ සමස්ත වියදම රුපියල් බිලියන 2505.3ක් ලෙස විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වූ අතර, 2021 වසරේ වියදම වන රුපියල් බිලියන 2538කට සාපේක්ෂව ලබන 2022 වසරේ රජයේ වියදම් රුපියල් බිලියන 33කින් අඩු කර තිබීම විශේෂත්වයක් වේ.

අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ මහජන ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන අතර, රාජ්‍ය නිලධාරීන් සීමිත පිරිසකට පමණක් අය වැය කාරක සභා අවස්ථාවට සහභාගි වීමට අවසර දී තිබේ.

 

කාලීන පුවත්