අරගලකරුවන්ට 5 වනදා 5 ට පෙර ඉවත්වන්නැයි පොලිසිය දන්වයි

ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් වහාම ඉවත්කරගන්නා ලෙස පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබේ.

ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති බෝග වගාවන් වහාම ඉවත්කරගන්නා ලෙසත් රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළයුතු බවත් දන්වා ඇත.

මෙම උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගනු ලබන බවද එම නිවේදනයෙන් කොටුව පොලීසිය දැනුම්දීමක් සිදුකර ඇත.

කාලීන පුවත්