පසුගිය ගාලු මුවදොර අරගලයට පහරදුන් පාක්ෂිකයන් රැසකට ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබා නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කොට තිබේ.එමෙන්ම පසුගිය කාලයේ පළාත් පාලන ආයතනවල දුෂණ ක්‍රියා සඳහා සම්බන්ධ බවට සාධාරණ චෝදනා එල්ල වූ පුද්ගලයන්ටද මෙවර අපේක්ෂකත්වය ලබා දී නොමැති බව ද එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ප්රතිසංවිධාන වැඩ පිළිවෙල යටතේ පක්ෂය වඩාත් ප්රගතිශීලී මංපෙතකට යොමු කරවීම සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇති බව ද සඳහන් වේ.එමෙන්ම ඉදිරියේ දී පක්ෂය හා සම්බන්ධ නවීනත්වය හා එක් වූ ප්රගතිශීලී අදහස් සහිත තරුණ ප්‍රජාව ඉදිරියට ගැනීමේ වැඩ සටහනක් දී ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අතර විවිධ හේතූන් මත එලෙස අපේක්ෂකත්වය අහිමිවූ පුද්ගලයන් ස්වාධීන කණ්ඩායම් ලෙසින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ඇති අතර කොටිකාවත්ත මුල්ලේරියාව ඇතුළු ආයතන කිහිපයක් සඳහා එවැනි කණ්ඩායමක් ස්වාධීනව ඉදිරිපත් වී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඟින් නාම යෝජනා ලබා දීම ප්‍රතික්ෂේප වූ අරගලයට පහරදීම සඳහා මුලිකත්වය ගත් පුද්ගලයෙක් කොටිකාවත්ත මුල්ලේරියාව සඳහා ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට පෙරමුණ ගෙන බවත් වාර්තා වෙයි.