අරගලකරුවන් සහ තරුණ පරපුර ඉදිරිපත් කරන සාධනීය යෝජනා සැලකිල්ලට ගනිමින් ඔවුන් සමඟ සම්මුතිවාදී පසුබිමක් තුළ විනිවිද භාවයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. ඒ ගාලු මුවදොර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් හා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු විශේෂ සාකච්ඡාවක දීය.වර්තමානයේ රට හමුවේ පවතින ප්රධානතම අභියෝගය ආර්ථික අරගලය ජය ගැනීම බව කී වික්රමසිංහ මහතා අරගල භූමියේ සිටින සියලු තරුණ තරුණියන් එම ආර්ථික අරගලයේ ජයග්රහණය සඳහා සෑම අයුරකින්ම දායකකර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද කියා සිටියේය.එහෙත්, මේ වන විට අරගල කරුවන් සමඟ මතවාදී වෙනස් කම් කිහිපයක් පැන නැඟීම මත දේශපාලනික පක්ෂ හා සම්බන්ධ ඉන් කොටස් කිහිපයක් සම්මුතිවාදී විසඳුම් තරයේම ප්රතික්ෂේප කරති.