කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේ හා මුදල් අමාත්‍යාංශයේ ලෝටස් මාවත පිවිසුම් දොරටු අවහිර කරමින් අද පෙරවරුවේ විරෝධතාවයේ යෙදී සිටි බව පවසමින් අද(20) අත්අඩංගුවට ගත් පුද්ගලයන් 21 දෙනා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කොට ඇත.අදාළ නඩුව නැවත ජුලි 22 වැනිදා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.මෙම පිරිසට භික්ෂුන් වහන්සේ නමක හා කාන්තාවන් සිව් දෙනෙක් ද ඇතුලත් ය.