අද(22) අලුයම 1.00 ට පමණ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියට යුද හමුදාව පිවිස මෙතෙක් අරගල කරුවන් සිය භාරයට ගෙන තිබූ
ජනාධිපති ලේකම් කාර්යාලය සහ එහි පිවිසුම් ගේට්ටුව (Gate zero) යුද හමුදා භාරයට ගෙන තිබේ.එහි දී උණුසුම් තත්වයක් හට ගෙන ඇති අතර මේ වන විට අරගලකරුවෝ ඔවුන් කුඩාරම් ඉදි කොට ඇති ස්ථානයේ රැඳී සිටින අතර යුද හමුදා භට පිරිස් ද මඳක් දුරින් ස්ථානගතවී සිටිති.යුද හමුදාව අරගල භූමියට පිසිසෙන විට එහි අරගල කරුවන් වැඩි පිරිසක් නොසිටි බව ද වාර්තා වෙයි.