අරලියගහ මැදුරේ නව රාත්‍රි පූජාවකදී අගමැති ආසිරි ගැන්වෙයි

දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින භාරතීය ජනතා පක්ෂයේ ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ සහභාගිත්වයෙන් නව රාත්‍රී පූජාවක් ඊයේ(12) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ශිරන්ත රාජපක්ෂ මහත්මිය, මැති ඇමතිවරුන් ඇතුලු පිරිසක් මීට එක්වූහ.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඉතා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් නව රාත්‍රි පුජාව පැවත්වුණු අතර හින්දු පූජකයන් විසින් මෙහි දී අග්‍රාමාත්‍ය වරයා ඇතුළු පිරිසක් හින්දු ආගමානුකූලව ආසිරි ගන්වන ලදී.

කාලීන පුවත්