අරලිය ගහ මන්දිරයෙන් ප්‍රචණ්ඩත්වය මුදා හැරීමේ වගකීමෙන් මිදෙන්න මහින්දට බැහැ

රටම ගිනිතබමින් ඉකුත් 09 දා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවල ප්‍රධාන වගකීම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස වූ අරලියගහ මැදුරේ පැවති උත්සවය සංවිධානය කළ සහ ඊට සහභාගී වූ පිරිස භාරගත යුතු බවත් මෙම මැර පිරිස අරලියගහ මැදුරෙන් පිටත්වී සාමකාමී විරෝධතා ස්ථාන කරා නික්මුණ හෙයින් එහි වගකීමෙන් මිදීමට මහින්ද රාජපක්ෂට නොහැකි බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.ගාලුමුවදොර සාමකාමී විරෝධතා පැවැත්වෙන ස්ථානවලට එල්ලකරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ කනස්සල්ල පළකරන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.පොලීසිය උද්ඝෝෂණවලදී මීට පෙර ක්‍රියාකළ ආකාරයට යුහුසුළුව මෙම ප්‍රහාරය එල්ලකළ පිරිසට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගැනීම අවධාරණයට ලක්විය යුතු කරුණකැයි ද අරලියගහ මැදුරෙන් නිකුත්කළ ප්‍රචණ්ඩත්වය හරහා ජනාධිපතිවරයා ඇතුළු සමස්ත පාලනය කෙරෙහි තැබූ විශ්වාසය තවදුරටත් පළුදු කර ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

කාලීන පුවත්