අරලිය ගහ මන්දිරයේ දී අරගල කරුවෝ දෙපිරිසක් ගැටෙති

ගාලු මුවදොර අරගල කරුවන් විසින් අත්පත් කරගෙන සිටින කොළඹ අරලියගහ මන්දිරය තුළදී අරගලකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ.ඒ හේතුවෙන් ඔවුන් අතුරින් දස දෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.ඔවුන්ගේ තත්වය බරපතල නොවූ බැවින් ප්‍රතිකාර කිරීමෙන් පසු ජාතික රෝහලෙන් ඉවත්ව ගොස් ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.ගාලු මුවදොර නිර්පාක්ෂික අරගලය පාක්ෂික විය යුතු බවට පිරිසක් මත ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම ගැටුම ඇති වූ බව ද පැවසෙයි.

කාලීන පුවත්